සාරිය ඔසවගෙන සිටි සිසුවියක් කෝපයෙන් කී කවියක්.. – නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්

0
1104

අක්කා රෙදි මහන්නේ රෑ නොකා නොබී

අම්මා දැලි පිහියි චීත්තෙ කඳුළු බිබී

උගන්නන්ඩ පොල් කඩනවා අප්පච්චී

එක ජංගියයි මට අහන්ඩ මනමාලී

දිගට දිගේ සාරිය උස්සන් ඉන්නම්

කොන්ද කඩපු මුල් ගුරු ගැන් දුක් වෙන්නම්

ඒකනායකට හෙන හත ඉල්ලන්නම්

නෙලුම් විලේ අපි හබරල කුණු වෙන්නම්

 

නිලතල බලය ලොකු කම් පුපුරවමු කඩා

හෙලුව හොඳයි නිලමේ ඇඳුමකට වඩා

ඔසවා හිඳිමි සාරියෙ කොණ හොරෙන් හඬා

රහසඟ ලොකුව මොලගෙඩි ඇයි වුණේ කුඩා

 

මොනව වෙනවාද දුප්පත් මේ අපට

ඉගෙනුම පවා විහිලුවක්ය මේ රටට

සාරි ඔසරි උස්සන් ඉන්නේ කුමට

අධ්‍යාපන ඇමති කොටහලු වුන පවට

 

අල්ලට පෙරා ගෙන කඳුලැලි ඇසෙන් මකා

ඇල්ලීමෙන් සාරි උස්සන් අව්ව කකා

මේ විදිහට පෙන්නද්දී අපට කොකා

කව්ද හඩනගන කොන්දක් තියෙන එකා..?

LEAVE A REPLY