කැරොළිනා ඇනින්, එ.ඡා.ළමා අරමුදලේ මානුෂිය උපදේශිකා

0
37

ලොව කුඩා දරැවන් උදෙසා මානුෂිය ආධාර අත්‍යවශ්‍යම රට යේමනයයි . එහි මන්දපෝෂනයෙන්, පාචනයෙන්, ශ්වසන ආබාධවලින් හා කොලරාවෙන් සැම විනාඩි 10 කටම වරක් දරැවෙක් මිය යාමෙි තත්වයක් පවතී. 80% ක් යේමන දරැවන්හට මානුෂික ආධර අතවශ්‍යය‍ය.
——— කැරොළිනා ඇනින්, එ.ඡා.ළමා අරමුදලේ මානුෂිය උපදේශිකා ——-
==================================================
අරාබි ලෝකයේ දිළිදුම රට යේමනයයි එහි ඡනගහනය දෙකෝටි අසු ලක්ෂයකි . 2015 සිට එරට රාඡ්‍ය බලය සදහා සිවිල් යුධ තත්වයක් පවතී සවුදි අරාබියේ සහ එක්සත් ඡනපදයේ ආධාර ලබන එරට සංධාන ආණ්ඩුවත් ඊට එරෙහිව සටන් වදින ඉරාණයේ ආධාර ලබන හෝටි සන්නද්ධ කණ්ඩායමත් මෙහි පාර්ශවයන් ද්විත්වයයි. එරට ප්‍රධාන නුවර වු සානාහි වරාය බෝමිබ ප්‍රහාර නිසා වසා දමා ඇත. සානාහි ගුවන් තොටුපලත් එකී බෝමිම පුහාරයන් නිසා වසා දමා ඇත. 2015 සිට 2017 දක්වා මින් මිය ගිය සාමන්‍ය ඡනතාව 16,200 කි.අවතැන් වු ඡනතාව ලක්ෂ 20 කි. සමස්ත ඡනගහනයෙන් මිලියන 20 කටම කොළරාව පැතිර යාමෙි අවදානම ඇත.ඒ රට පුරා ඡල සැපයුම අඩාල වීමත් අපිරිසිදු ඡලය හැර පානය කිරීමට වෙනත් දෙයක් නෙැමැති නිසාත්ය දැනට කොළරා රෝගය ස්ථරවම ආසාදනයට ලක්වුවන්ගේ ගණන හාර ලක්ෂ 25.000 කි ඉන් 1900 ක් දැනට මිය ගොසිනි. ඒ අතර ලක්ෂ හතරක්ම සිටින්නේ කුඩා දරැවෝය තවත් දශ ලක්ෂයක් දරැවනට කෙළරාව ආසාදනය වීමෙි අවධානමි සහගත තත්වයක් නිර්මාණය වී ඇත


රෝහල් , වෛද්‍ය සායන බෝමිබ හා කාල තුවක්කු ප්‍රහාර නිසා විනාශ වී ඇත.විනාශ නොවු රෝහල් තුල දොස්තරවරැ හා සෞඛ්‍ය සේවක සේවිකාවෝ සිය උපරිම ශ්‍රමය හෙලති වසරක් පුරා යේමන රඡය ඔවුන්ට පඩි ගෙවා නැත. තත්වයේ බරපතල කම මින් වටහාගත හැක. පාලමි බෝක්කු වරායවල් හා ගුවන් තොට විනාශ වි ඇති නිසා ලෝක මානුෂිය ආධාර ළගාවෙන්නේ ඉතා සෙමිනි. මන්ද පෝෂනයෙන් පෙළෙන දරැවන් හට කොළරාවත් වැළදුනු විට ඇතිවන තත්වය ඔබට හිතා ගන්නට පුලුවන් වනු ඇත දිනකට නිරාහාරව නින්දට යන දරැවෝ ලක්ෂ 3 කට අධික බව යුනිසෙප් ආයතනය අවධාරනය කරයි .ලෝක මානුෂිය ආධාර යටතේ ඩොලර් බිලියන 3.2 ක මුදලක් පිරිනමා ඇතත් තවමත් ලැබී ඇත්තේ ඉන් තුනෙන් එකක් පමණි.
==============================================
අවුරැදු 30 යුද්දයකින් පසුවත් අපේ රටෙි ඇතැමි ඡාතිවාදිහු හා ආගමි වාදිහු නැවත කුමන වර්ගයකහෝ වාර්ගික යුද්ධයකට අත්වනමින් සිටිති. ඉන් ඇතිවන යේමනයේ මෙන් මෙවන් ඛෙිදඡනක ප්‍රතිඵලවලට මෙි ඊනියා දේශ ප්‍රේමිහු වග නොකියති. උන් වග වන්නේ සිවිල් යුද්ධ නිර්මාණය කිරීමට පමණි. මෙි දේශ ප්‍රේමියැයි කියන අවලං හැතිකරයට පන්න පන්නා පහර දීම අපගේ යුතුකම හ වගකීම කරගත යුතුය
=====================================================
https://www.theguardian.com/…/childrens-crisis-yemen-confli…
http://www.aljazeera.com/…/unicef-child-dies-10-minutes-yem…
http://www.savethechildren.org/…/b.6153153/k.BDE3/Yemen.htm…

LEAVE A REPLY