රංගන ශිල්පී දසුන් නිශාන් ද සිල්වා සිය දිවියෙන් සමුගනියි.

0
412

නව පරපුරේ නැගී එන රංගන ශිල්පියෙකු සහ නිරූපණ ශිල්පියෙකු වූ දසුන් නිෂාන් සිය දිවියෙන් සමුගෙන තිබෙනවා. ඔහු මෙලෙසින් මියගොස් ඇත්තේ පන්නිපිටියේ පිහිටි ඔහුගේ බෝඩිමේදී වන අතර දසුන්ගේ සිරුර එහි තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මේ දිනවල සිරස රූපවාහිනියේ විකාශය වන රතු පිච්ච නාට්‍යයට මෙන්ම හිරු ටීවී ඔස්සේ විකාශය වන කවුරුන්ද නුඹ මගේ නාට්‍යටද ඔහු රංගනයෙන් දායක වූ අතර මියුසික් වීඩියෝ රැසකටද ඔහු රංගනයෙන් දායක වී තිබෙනවා. මෑත කාලයේ අතිශ්‍යයින් ජනප්‍රිය වූ වෙන්වීගියත් පෙරදා ගීතයටත් ඔහු රංගනයෙන් දායක වුණා.

මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මරණයට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැහැ.

LEAVE A REPLY