කූඹියෝ – කසුන් චන්ද්‍රනාත් පතිරණ

0
55

අපි චිත්‍රපටියක්, ටෙලි නාට්ටියක් බලන්නෙ අපේ සාමාන්‍ය එදිනෙදා බෝරිං ජීවිතයෙන් විපලායනයක් (escapism) බලාපොරොත්තුවෙන්. හොද චිත්‍රපටියකට, නාට්‍යකට පුලුවන් අපිව කිසිදා අත්නොවිදි කලාප වලට රැගෙන යන්න. වෙනත් එකෙක්ගෙ ඇග ඇතුලෙ ජීවත් කරවන්න. උගෙ හර්ධ ස්පන්දනය දැනෙන්න දෙන්න. සී. එස්. ලෙවිස් කියන විචාරකයා එයාගෙ “An Experiment in Criticism” කියන පොතේ කියනවා මිනිස්සු ස්වභාවිකවම තමන්ගෙ පැවැත්මට වඩා වැඩි යමක් හඹා යනවා කියලා. අපි හැමෝටම ඕනෙ අපේ එදිනෙදා පැවැත්ම ඇතුලෙ අපි අත්දකින දේවල් වලට වඩා වැඩි දෙයක් අත්විදින්න. අපි හැමෝටම එකිනෙකාට අනන්‍ය වූ දෘෂ්ටිකෝණයක් තියෙනවා. අපි හැමදෙයක්ම අත්විදින්නෙ ඒ දෘෂ්ටිකෝණය ඇතුලෙ ඉදන්. ඒත් එක්කම අපිට ඕනෙ වෙනත් එකෙක්ගෙ දෘෂ්ටිකෝණයෙන් දේවල් දිහා බලන්න, වෙන එකෙක්ගෙ පරිකල්පනය ඇතුලෙ දේවල් තේරුම් ගන්න, වෙන එකෙක්ට දේවල් දැනෙන විදිහ විඳගන්න. අන්න ඒ වාස්තවිකත්වය (objectivity) නිර්මාණය කරන්න තමයි චිත්‍රපටි නාට්‍ය තියෙන්නෙ. ඒ වෙනුවෙන් අපිට නිර්මාණය කරලා දෙන කවුලුව තමයි රූප රාමුව.

අපි අපේ එදිනෙදා සාමාන්‍ය ජීවිතේ ඇතුලේ උදේ ඉදන් රෑ වෙනකල් අත්දකින ඉතාම සාමන්‍යකරණය වූ යතාර්ථයන්ම වඩාත් වින්දනීය සහ විචිත්‍ර විදිහට තිරයක් උඩට ගෙනල්ලා අතහැරීමේ හැකියාවක් තියෙනවා සිනමාවට සහ ටෙලි නාට්‍යට. උදාහරණයක් විදිහට හුජ්ජා කොලුවෙක් සන්දියේ පළවෙනි පාරට ටයිටැනික් බැලුවම මට කෙල්ලෙක්ව අල්ලං කිස් එකක් දෙන්න මාරම ආසාවක් ආවා. ඒත් ඉතිං හරියකට කිස් එකක්වත් දෙන්න පුලුවන් කෙල්ලෙක් සෙට් උනේ ඊට අවුරුදු පහකට විතර පස්සෙ. අවුරුදු ගානක් පෙරුම් පුරලා හා හා පුරා කියලා ජැක් අයියවයි රෝස් අක්කවයි සිහිපත්කරගෙන කිස් එකක් දුන්නට පස්සෙ මට හෙන අවුල්. යකෝ ටයිටැනික් එකේ අරුන් දෙන්න කිස් කරනකොට තියෙන මාර සුන්දරත්වය අම්මපා කිස් එකක් දෙනකොට එන්නෙ නෑනෙ. එහෙන් නහය වල් දෙක වදිනවා, කටේ ගද දැනෙන්න ගන්නවා, අත් දෙකෙන් මක් කරන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා (මම මේ කියන්නෙ පළවෙනි පාර. ඊට පස්සෙ නම් අත් දෙකෙන් කරන්න ඕනෙ දේවල් තේරුම් ගත්තා). කොහොම හරි මට කියන්න ඕනෙ උනේ අපේ සාමාන්‍ය ජීවිතේ අපි නොසලකා හරින ඉතාම ඕලාරික දේවල් වලට පවා වින්දනීයත්වයක් ඇඩ් කරන්න සිනමාවට ටෙලියට පුලුවන් කියන එක.

“කූඹියෝ” කරන්නෙත් ඒක. අපේ සාමාන්‍ය, පජාත, කට්ට කන ජීවිතේ වින්දනීය විදිහට අපි ඉස්සරහම දිග අරින එක. ඒක ඇතුලෙ අපි අපිවම රස විදින්න ගන්නවා. “කූඹියෝ” අපේ සාමාන්‍ය බෝරිං ජීවිතයෙන් මිදෙන්න පුලුවන් විපලායනයක් වෙත අපිව අරගෙන යනවා. හැබැයි ඒක අපේ සාමාන්‍ය ජීවන යතාර්ථයෙන් පලා යෑමක් නෙවෙයි, ඒ යතාර්ථයේම වඩාත් පැහැදිලි සහ නාභිගත අවභෝධයක්. ප්‍රේම දඩයමයි, කූඹියොයි වෙනස් වෙන්නෙ එතනින්. ඒක තමයි මම කූඹියෝ ටෙලිකාස්ට් කරන්න පටන් ගන්න කලින්ම කිව්වෙ, “ශිවන්‍යා පලයං හුඹහට… ඔන්න කූඹියෝ එනවා” කියලා.

කූඹියෝ එක්ක පටන්ගත්තේ එක්තරා පරම්පරාවක අභියෝගයක්… ඒ වගේ බඩු තව පෝලිමේ එනවා

LEAVE A REPLY