මාමයිට් ගැන ඔයා මොනවද දන්නෙ?

0
192

මාමයිට් කියන්නේ අමුතුම කෑමක්. මාමයිට් වලට කැමති අය හා අකමැති අය දෙපැත්තකට බෙදුවොත් හරියටම 50% 50% වගේ එන්නේ. ඒ කියන්නේ දෙපැත්තම සමානයි. මෙහි තියන අපුරුව තමයි මාමයිට වලට කැමති කට්ටිය “Die Hard Fans Of Marmite”, ඒ කියන්නේ මාමයිට් වලට පණ මෙන් ආදරෙයි. අකමැති කට්ටිය හොඳටම අකැමති. ඒ කියන්නේ මාමයිට් සුවඳට වත් කැමති නැහැ.

 

අද අපි මේ කතා කරන්න යන්නේ මිනිස්සු අකමැති කැමති මේ මාමයිට් හි ආරම්භය සහ ඔබ නොදත් තවත් කරුණු කිහිපයක්.

මාමයිට් මෙච්චර රස කර කර මිනිස්සු කෑවට ඔයාලා දන්නවද මේ මාමයිට් කියන ජාතිය හොයාගත්තේ අත්වැරදීමකින් කියලා ? 19 වන සියවසේදී  ජර්මානු රසායනික විද්‍යාඥයකු වන Justin Liebig විසින් පරීක්ෂණයක් කර සොයාගන්නේ ” Brewer’s yeast ” ( බීර මන්ඩි – ඇත්තටම ඒක දිලීර ජාතියක් ) නම් දිලිර වර්ගය කෑමට ගත හැකි බව හා එය බෝතල් කර අසුරා තැබිය හැකි බවයි. මෙය ආහාර රසකර ගැනීමට යොදාගන්නා අමු ද්‍රවයකි .  Brewer’s yeast හි පින්තුරයක් පහතින් ඔබට බලාගත හැක,

ඇත්තටම මෙම මාමයිට් සාදන්න යොදා ගන්න ප්‍රධාන මුලද්‍රව්‍යක් තමයි බීර මන්ඩි. ( බීර මන්ඩි කියන්නේ බියර් පෙරීමෙන් පසු ඉතිරිවන අතුරුපලයකින්).  පසුව 1902 දී එංගලන්තයේ  Burton-on-Trent ප්‍රාන්තයේ Staffordshire නම් නගරය මාමයිට් නිෂ්පාදනාගාරය ස්ථාපනය කිරීමට තෝරා ගනු ලබන්නේ මාමයිට් නිශාපදනයට අවශ්‍ය මුලද්‍රව්‍ය එනම් බීර මන්ඩි එම නගරයේ අවට පහසුවෙන් සපයා ගත හැකි වීම නිසාය.

මාමයිට් සෑදීම සඳහා යොදාගන්නා අනෙකුත් මුලද්‍රව්‍ය නම් :

ලුණු, කුළුබඩු සහ සැල්දිරි. ඊට අමතරව ෆෝලික් අම්ලය, විටමින් B12, thiamin හා riboflavin යන විටමින ( මෙය සමහර ආහාර වර්ග ස්වභාවිකව පවතින අධි සාන්ධ්‍රිත විටමින් ජාතියකි) ද අඩංගු වේ.

මාමයිට් සැදීමට යොදාගන්න අමුද්‍රව්‍ය මෙසේ ඉදිරිපත් කල, දැනට වසර 115 කට කලින් ආරම්භකල මාමයිට් වල වට්ටෝරුව නම් තවමත් රහසකි. යම්කිසි වියාපාරයක් සාර්ථක වන්නේ එහි ඇති රහස්‍ය භාවය සුරැකීමෙන් බව කීමට මෙය කදිම උදාහරණයකි.

Picture by Damien McFadden: 07968 308252

ඉතිහාසය කියවන කොට අපිට තේරෙන්නේ මාමයිට් ලොව තිබුණු දරුණුතම යුද්ධ දෙකක් ජයග්‍රහණය කල බව. ඇත්තටම එය සම්පුර්ණ සතයක් නොවුනත් පළමු ලෝක යුද්ධයේදී සොල්දාදුවන්ගේ ආහාර ලැයිස්තුවට මාමයිට් ඇතුළත් කරන ලද අතරම, 1939 හා 1945 කාල තුල හරක් මස්, රස කළ කිරි මෙන්ම මාමයිට් වලටද සිවිල් වැසියන් හා සෙබළුන් අතරින් හිමිවුණේ විශේෂ තැනක්.  තවද 1999 දී මාමයිට් සමාගම විසින් බ්‍රිතානයයේ සාම සාධක හමුදා භටයින්ට බොහෝ සෙයින් මාමයිට් සපයා ඇති අතර එයට හේතුව ලෙස ඔවුන් පවසන්නේ Home Sick ( නිවසගැන නිතරම මතක් වන) සෙම්බළුන්හට මාමයිට් කෑම නිසා ඔවුන්ගේ stress ( ආයාසය හා වෙහෙස) අඩුකරගැනීමට බොහෝ සෙයින් උදව් වූ බවයි.

හරි අපි දැන් බලමු මාමයිට් නම හැදුනේ කොහොමද කියලා. “මාමයිට්” කියන්නේ ප්‍රංශ වචනයක්. ප්‍රංශ භාෂාවෙන් තැම්බීම සඳහා යොදාගන්නා උඳුන හඳුන්වනු ලැබුවේ “මාමයිට්” යනුවෙනි. අපි මාමයිට් මාමයිට් කිව්වට හරි විදිහට ඒක උච්චාරණය කරනවා නම් එය “මාමියිට්” විය යුතුයි. 1920 දී මාමයිට් හි රතු සහ කහ ලේබලය හඳුන්වා දුන් අතර, එම ලේබලයේ මැද මෙම “Marmite” නම් උදුනේ චායාරුපයක් අපට දැකගැනීමට හැක.

සිරකරුවන්ට මාමයිට් වැඩිය දෙන්නේ නැති කතාවක් තියනවා. තවද මිථ්‍යා ප්‍රබන්ධයකට සඳහන් වන පරි 2002 දී බ්‍රිතාන්‍ය බන්ධනාගාරයක මාමයිට් තහනම් කර ඇති අතර එයට හේතුව ලෙස ඔවුන් පවසා දෙන්නේ මාමයිට් යොදාගනිමින් මත්වන ද්‍රව්‍ය නිපදවිය හැකි බවයි. නමුත් 2009 දී ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, තමන් මාමයිට් භාවිතා කිරීම සිරකරුවන්ට තහනම් නොකළ අතර, තහනම් කර ඇත්තේ මාමයිට් යොදා ගනිමින් මත්ද්‍රව්‍ය නිපදිවී බවයි. ඒ කියන්නේ මාමයිට් වලින් මත්ද්‍රවය හදාගන්නත් පුළුවන්. ලොල් නේ.

මාමයිට් කියන්නේ අරුම පුදුම කෑමක්. මාමයිට් කන්න ආස අයට මාමයිට් තරම් රස කෑමක් තවත් නැති වගේම මාමයිට් කන්න ආස නැති අයට මාමයිට් සුවඳ ආවත් අප්පිරියයි. ඒ නිසා තමයි මාමයිට් වෙළඳ දැන්වීම් වල “Love it or Hate it” කියලා සටහන් කරලා තියෙන්නේ.

අපි කන්නේ එක මාමයිට් ජාතියක් වුනාට ඇත්තටම ලෝකේ මාමයිට් ජාති දෙකක් තියනවා. අපි කන්නේ එංගලන්තයේ නිෂ්පාදනය කරන ඔරිජිනල්ම මාමයිට් එක. අර කහපාට ලේබලෙන් එන එක. අනිත් මාමයිට් ජාතියට තියෙන්නේ රතුපාට ලේබලයක්. එම මාමයිට් කිය නිෂ්පාදනය වන්නේ නවසීලන්තයේ පිහිටි Sanitarium Health නිශ්පාදනාගාරයේ. නමුත් මෙම සමාගමෙහි කරන මාමයිට් වලට සීනි සහ රසකාරක එකතු කරනු ලබනවා. ඒ කියන්නේ සාමාන්‍ය මාමයිට් වලට වඩා මෙයාලා හදන එක පැණිරසෙන් වැඩි. මොවුන්ගේ නිෂ්පාදන බෙදා හරිනු ලබන්නේ ඔස්ට්‍රේලියාවට් හා පැසිෆික් කලාපයේ රටවල් වලට පමණි. මේ තියෙන්නේ අනිත් මාමයිට් බෝතලේ  රූපයක්

 

අපි කාලා තියෙන්නේ අර ගාලා කන මාමයිට් විතර නේ. ඒත් ඔයාලා දන්නවාද මාමයිට් වලින් නිෂ්පාදනය කරන ලද චීස් විශේෂයක්, Crisp විශේෂයක් ( අර බැදපු අල පෙති වගේ) මෙන්ම මාමයිට් දමා පුළුස්සනු ලැබූ කජු ජාතියක්ද තිබෙන බව ? (මේක ලියන මම ලංකාවේ තියන මාමයිට්ම නොකන මට නම් මෙව්වා අප්පිරියයි වගේ, ඒත් මාමයිට් ෆෑන්ස්ලගේ කටට නම් කෙල උනනවා ඇති මේක කියවද්දී )

තවද ලෝ ප්‍රසිද්ධ සඟරා කිහිපයක සඳහන් වී ඇත්තේ, මාමයිට් වල ඇති මුලද්‍රව්‍ය හේතුවෙන් මදුරුවන් දෂ්ඨ කිරීමෙන්ද ඔබ ආරක්ෂා වන බවයි. ඒ කියන්නේ මාමයිට් ටේස්ට් එක මදුරුවන්ට සෙට් වෙන්නෙත් නෑ වගේ. හා නැද්ද බන්.

එමෙන්ම මාමයිට් යනු ඉතා පෝෂදායි දෙයක් බැවින්  1934 ශ්‍රී ලංකාවේ මැලේරියා වසංගතයේ දී “සූරිය මල්” සංවිදානයේ සාමාජිකයන්ගේ මන්දපෝෂණය දුරු කිරීමට මාමයිට් ඉවහල් වී ඇති බව සඳහන් වේ. එම අවදියේදී රටේ තිබෙන මාමයිට් ටික අරපිරිමැස්මෙන් භාවිතා කරන මෙන් පුළුල් ප්‍රචාරයක් පැතිරුණ බවද වැඩිදුරටත් සඳහන් වේ.

 

අවසාන වශයෙන්, Denmark ජාතිකයන් මාමයිට් යනු සෞඛ්‍යට අහිතකර දෙයක් වියහැකි බව කිහිප සැරයක්ම සැක පලකලත් මාමයිට් යනු ඉතා පෝෂණීය කෑම වර්ගයක් බව. මෙහි විටමින් B12 වැඩිපුර අඩංගු වී තිබෙන අතර, එය විටමින් ඌණතත්වයෙන් පෙලෙන වයස්ගත පුද්ගලයින්ට බොහෝ සෙයින් ප්‍රයෝජන වේ. එමෙන්ම මාමයිට් යනු ෆෝලික් අම්ලයෙන්ද සමන් විත වන අතර මෙය කාන්තාවන්ට මෙන්ම ගැබිණි කාන්තාවන්ට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වන්නේ ඔවුන්ගේ ශරීරයට වැඩි පුර ෆොලීම් අම්ලය අවශ්‍ය වන නිසාවේ.

මාමයිට් කොතරම් රසවත් වුවත්, ගුණදායී වුවත් මාමයිට් වල තිබෙන අධික ලුණු ප්‍රතිශතය නිසා එය වැඩිපුර අනුභව කිරීම ඔබේ අක්මාවට සහ වකුගඩු වලට එතරම් හොඳ නැහැ. අනුමත දෛනික මාමයිට් ප්‍රමාණය වැඩිහිටියෙකුට නම් 4 g යි. දරුවෙකුට නම් 2 g යි.

1990 මාමයිට් සමගම බෝව්රිල් සමාගම යටතට පත්වෙනවා. පසුව CPC ඉන්ටර්නැෂනල් සමාගම යටතේ එය 1998 බෙස්ට් ෆූඩ්ස් සමාගම යටතට පත්වෙනවා. පසුව 2000 බෙස්ට් ෆූඩ්ස් සමාගම යුනිලීවර් සමාගම සමග එකතු වෙන අතර දැනට මාමයිට් යුනිලීවර් සමාගමේ අයිතිය යටතේ නිෂ්පාදනය වෙනවා.

උපුටාගැනීමකි.

http://www.apisrilankanbro.com

LEAVE A REPLY