-සැබෑ ආදරයක කතාවක්..-දිලීප සංජය රණවක

0
157

1951 ජනවාරි 28 වෙනිදා, මගේ තාත්තා එදා ඇක්රෝන් වල රාත්‍රී සමාජ ශාලාවක ප්‍රසංගයක් රග දක්වමින් හිටියා.. ආහ් එදා රාත්‍රීයේ මගේ තාත්තා රග දක්වමින් සිටි තැන බිම තරුණියක් නටමින් සිටියා. එදා තාත්තාට පළවෙනි වතාවට අම්මාව මුණ ගැහුනා.. විනාඩි 5කට පමණ පස්සේ තාත්තාත් ඇයගේ නැටුමට එකතු වුනා. ඊට සති 2කට පමණ පසුව ඔවුන් ගිවිස ගත්තා.. මාස 06කට පමණ පසුව විවාහ වුනා.. අවුරුදු 26කට පසුව මගේ දෙමාපියන්ට දරුවන් 11 දෙනෙක් ලැබුනා.. ඔවුන් දෙදෙනාම පිළිකා වලින් දිවි ගලව ගත්ත අය.. ඔවුන් අදටත් පොඩි දරුවන් වගේ ආදරයෙන් ඉන්නවා.. ඉතින් මේ කතාව මගේ ආදරයට එළියක් වුනු හැටියි මේ……

2005 අගොස්තු 29 වෙනිදා මම රැකියාවකට අයදුම්පතක් ඉදිරිපත් කරමින් හිටියේ.. එතන දී තමයි මට ඇයව හමුවෙන්නේ.. ඇය ජෙනිෆර්.. අවුරුදු 50කට කළින් තාත්තාට අම්මාව මුණ ගැහුනා වගේ මම දැන ගත්තා මටත් ඇයව හමු වුනා කියලා.. මට දැනුනා මගේ මුළු වටපිටාවම වෙනස් වෙනවා.. මට හිතා ගන්න බැරි වුනා.. ඇත්තටම ඒ ඇය නිසා.. මාසයකට පමණ පස්සේ පේන්ට මෑන්හැටන් වල රැකියාවක් ලැබුනා. ඇය මා සිටි ක්ලේවලෑන්ඩ් වලින් පිටත් වෙලා ගියා.. මට ඇය ගැන නොහිතා කාලය ගත කරන්න ඇත්තටම බැරි වුනා.. මට හමු වුනු ලස්සනම කාන්තාව ඇයයි.. මම ජිවිතයම ගත කරන්න ඕන මගේ හැගිම් බෙදා ගන්න ඕන ඇය එක්කයමයි කියලා මට හිතුනා.. සීත සෘතුවේ එක් දිනක් ජේන් නැවතිලා හිටිය නිව්යොර්ක් නවාතැන හොයාගෙන මං ගියා. මම හිතට ධෛර්ය අරන් ඇයට මගේ හිතේ තිබුනු ආදරය කිව්වා.. ඇයගේ සුන්දර ඇස් එක පාරටම උඩ යන හැටි මං දැක්කා.. ඇයගේ පියකරු මුහුණේ ලස්සන හිනාවක් එ් ‍වෙලාවේ තිබුනේ ඇයිගේ ලස්සන කටහඩින් ඇය මට කිව්වේ එකම ‍‍”මටත් ඔයා ගැන දැ‍න්නෙත් එ් ‍දේමයි..” කියලා..

අපි නිතරම හමු වෙන්න පටන් ගත්තා.. දුරකථන වලින් පැය ගණන් කතා කරා.. අපි දෙන්න එකට හිටි හැම වෙලා‍‍වේම අපි මොනවද කරේ කියලා අදාල වුනේ නෑ අපි දෙන්න නිතරම සතුටින් හිටියා.. මාස 6ක් ගෙවිලා ගියා.. දවසක් අපි ජෙනිෆර් ආසම ඉතාලි රෙස්ටුරන්ට් එකට ගියේ රාත්‍රී ආහාර ගන්න.. එදා මම ජේන් ඉස්සරහ දන නවා ගෙන වාඩි වුනේ ඇය වෙත මුදුවක් දිගු කරමින්.. ඇය දැනගෙන හිටියා මම මොකටද ලෑස්ති වුනේ කියලා..ඇයගේ හුස්ම ගැනිම පවා නැවතිලා තිබුනා ඒ වෙලාවේ.. ඇය මට කට පියා ගන්න කියලා කෑගසුවා.. නැවත මගේ අතේ තිබුනු මුදුව ගත් ඇය නැවත හුස්ම ගන්න පටන් ගත්තා.. ඊට ටික දිනකට පසුව අපි සෙන්ට්‍රල් පාර්ක් වලදී විවාහ වුනා.. එදා මට මගේ ඇස් වල තිබුනු කදුළු තවත් සිර කරගෙන ඉන්න බැරි වුනා.. මම ඒවාට කඩා වැටෙන්න දුන්නා.. මගේ ජිවිතේ සිහිනයක් එදා සැබෑ වුනා.. මට සිතා ගන්න බැරි වුනා, මේ කරුණාවන්ත,ලස්සන,ශක්තිමත් කාන්තාව මගේ බිරිද වුනා කියලා.. එදා අපි සැමියා බිරිද විදිහට අපේ පළවෙනි නර්තනයේ යෙදුනා. මගේ තාත්තා එයාගේ එකොඩියන් එකෙන් අලංකාර ගීතයක තනුවක් වාදනය කරන්න පටන් ගත්තා..

මගේ සිහිනය වුන කෙල්ලව මං විවාහ කර ගත්තා මගේ ජිවිතයම සම්පුර්ණ වුනා.. මාස 05ක් ගෙවිලා ගියා.. එදා හිටි හැටියේ මට දුරකථන ඇමතුමක් ආවා.. එදා එ් පණිවිඩයේ කියපු දේ කවදාවත් මගේ දෙසවන් වලින් අයින් වෙන එකක් නෑ.. කතා කරේ ජේන්.. ඇයගේ වෙනදට තිබුනු විනෝදබර කටහඩට වඩා බිදිගිය මැලවි ගිය හඩක් ඇසුනේ.. ඇය කියා සිටියේ ඇයට පියවුරු පිළිකාවක් වැලදී ඇති බවයි..මගේ දෑත් වෙව්ලන්න පටන් ගත්තා..යන්න ඕන දිශාවක් කරන්න ඕන දෙයක් කිසිම දෙයක් මට දැනුනේ නෑ.. මගේ ජිවිතයම ඇදිලා ගියේ පිළිකාවන් දෙසට.. දිනෙන් දින වෙනස් වෙන ජිවිත වලට, වියැකි යන මිනිස්සු දෙසට.. මොනවද මං කරන්න ඕන කිසිම දෙයක් මට වැටහුනේ නෑ..

ඉදිරියට ආපු අපේ ජිවිතේ වඩාත් සංකිර්ණ වෙන්න පටන් ගත්තා.. සෑම දෙයක්ම විවිධ ආකාරයන්ට සිදු වෙන්න පටන් ගත්තා.. වසරකට පමණ පසුව පිළිකා පිළිබද විශේෂඥයෙකු කිව්වේ දැන් ජෙනිෆර්ට පිළිකාවක් නෑ වෙනදා වගේ ජිවිතය ගෙවන්න පුළුවන් කියලා.. අපි ජිවිතය නැවත සුපුරුදු විදිහට ගත කරන්න උත්සහ කරා..ඒත් සංකීර්ණ වෙලා තිබුනු ජිවිතේ උඩයටිකුරු වෙලා තිබුනු ජිවිතේ නැවත වෙනස් කර ගන්න ලේසි වුනේ නෑ.. අපි දෙන්නාගේ ආදරයට ඒක අභියෝගයක් වුනේ නෑ.. අපි නැවත සුපුරුදු ජිවිතයට ඉඩ හදා ගත්තා..

2010 අප්‍රේල් මාසය අපේ සිතේ යටපත්ව තිබුනු බිය නැවත මතුවෙන්න පටන් ගත්තා..පිළිකාව තිබුනාට වඩා නැවත වර්ධනය වෙන්න පටන් ගෙන තිබුනා මෙවර ඇයගේ අස්ථි තුළටත්, අක්මාවටත් එය වර්ධනය වී තිබුනා.. ඇයට වහාම ප්‍රතිකාර දීම ආරම්භ කරා. කාලය ගත වුනා ඇය කෙතරම් බරපත විදිහට රෝගාතුර වුනාද කියලා කාටවත් ම හිතා ගන්න බැරි වුනා.. අපේ ජිවිතය වෛද්‍ය හමුවලට, බෙහෙත් වලට, ප්‍රතිකාර වලට, අතුරු ආබාධ වලටම ගෙවිලා ගියා.. දිනෙන් දිනම මට දැනුන වේදනාව වැඩි වුනා කාරු හරි මගේ පපුවට දිගින් දිගටම පහර දෙනවා වගේ වේදනාවක් මට ඇති වුනා.. අපේ ප්‍රශ්න වලට කා ළගවත් උත්තර තිබුනේ නෑ.
අපේ ලෝකය දිනෙන් දින කඩා වැටෙනවා කියලා හිතුනා..මගේ ළග කැමරාව තිබුනා.. ඒ අපේ ආදරය බෙදා ගන්න අපේ ජිවිත කතාව ගැන දැනෙන්න කියන්න පුළුවන් එකම දෙය වුනේ කැමරාව.. අපේ ජිවිතේ හැම මොහොතක්ම ඡායාරූප ගත කරන්න මං කටයුතු කරා..

ජේන් මේ අතරින් ඡායාරූප කිහිපයක් තෝරලා ලෝකය පුරාම යවන්න කිව්වා.. එකෙන් ලෝකයේ පියවුරු පිළිකාවන් නිසා දුක් විදින කාන්තාවන්ට ජීවයක් ලැබුනා ජෙනිෆර්ගේ උනන්දුවයි, ඇයගේ ශක්තියයි පිටුවහලක් වුනා.. අපේ ජිවිතේ අපිට ලැබුනු ලොකුම හයිය අපේ මිතුරන් අපේ දෙමාපියන් අපිත් එක්ක එකටම හිටිය එකයි..
සීතල දෙසැම්බරයේ නත්තලට දින 3ක් ඉතිරිව තිබුනු 22 දෙවැනිද එක් සීතල රාත්‍රීයක වේලාව 8.33‍ට පමණ ඇති.. මගේ ආදරණීය ජෙනිෆර් වයස අවුරුදු 40දී අපේ විවාහ දිවියේ පස්වන වසර ‍ගෙවී යන ‍මොහො‍ෙත් දිවියෙන් සමු ගත්තා..
-ඇන්ජලෝ මර්ඩිනෝ

මේ ඔහුගේ අන්තර්ජාලයට මුදා හැරි කතාවේ සාරංශයකි.. ඇන්ජලෝ මර්ඩිනෝගේ කැමරාවේ සටහන් වූ ඔවුන්ගේ අවසන් දින කිහිපයේ ඡායාරූප කිහිපයක් පහතින්….

පරිවර්තනය හා සාරංශගත කිරීම
-දිලීප සංජය රණවක

LEAVE A REPLY