*****…පරස්පරය…***** (part 03) – ජනිත් විමුක්තික

0
60

සුදු චරිතවල බූදලයක් වූ අාදරය බලහත්කාරයෙන් හෝ ලබාගන්නටම උපන් කලු චරිතයක අැතුලාන්තය…..
ජනිත් විමුක්තික ලියයි…
.
*****…පරස්පරය…***** (part 03)
.
.
.
එක පාරටම ෆෝන් එක රිං වුනාම මාව ගැස්සිල ගියේ මං මනෝ ලෝකේ ගිලිල හිටපු නිසා…
” ම්ම් තාත්ත…දැන් ඉතින් මොකක් හරි මරාලයක් පටවයි…”
මං හිතින් කියල අාන්සර් කරා…
” අැයි තාත්තා…”
” පුතා…හෙට නුවර ස්ටේට් එකට යන්න ඔ්නා…මට මෙහෙ කන්ෆරන්ස් එකක්… ස්ටේට් එකේ හදන ප්‍රොපටි එකේ ටිකක් අැවිදල අාවම අැති… නැත්තන් උන් වැඩ අතගානවා කවුරුත් නැතුවම…”
තාත්ත කියවගෙන යනවා.. පැදපන්කෝ නුවර ඉතිං.. බෑ කියන්නත් බෑ… කන්න අදින්න සේරම එන්නෙ බිස්නස් දිව්වොත්නෙ….
” හා තාත්ත…” මං පොඩි උත්තරයක් දීලා ෂේප් වුනා….
.
තනියම නුවර යනව කියන්නෙ වහ කනව වගේ වැඩක්…. සයුරුව අල්ලගත්තනම් හරි.. ටිකක් දුර ඩ්‍රයිව් කරන්නෙ නැතෑ…
කෝල් කරල බලමු….
.
” ඒ සයුරු… වැඩ තියෙන එව්ව බල්ලට දාලා හෙට උදේ මාත් එක්ක නුවර යන්න ලෑස්ති වෙයන්… මං මොන්ටෙරෝ එක උස්සන් එන්නම්… උඹ අාසයිනේ ඒකට…”
නෑ බෑ කියන්න කතා මේ මයුර ලග නෑ… වැඩේ කෙරෙන විදිහ දැනගෙන තමයි කතා කරන්නෙ…
” අම්මට සිරි… එන්නම් මචන්…යමන්…” උෟ එක පයින්…
.
ෆ්‍රන්ට් එකේ අනූෂටත් මරුමුස් බැල්මක් දාලා මම ගෙදර පැත්තට අාවා….
” එහෙනම් හෙට නුවර… ” වොෂ් එකක් දාගෙන මං අැදට වැටුනේ එහෙම හිතාගෙන….
.
**********************************
.
උදේම වදෙන් පොරෙන් නැගිටල අැහැ බාගෙට වැහෙද්දි යන්තන් සයුරුවගෙ ගෙදරට අාවේ…එතන ඉදන් වාහනේ උෟට දීලා මම සීට් එකත් පාත් කරන් පොඩි නින්දක් දාන්න ගත්ත…යන්තන් පැය දෙකක් ගියෙ නෑ මුට බඩගින්න…
.
” නවත්තහන් බලන්න ඔය කොහෙන් හරි ගින්න නිවන්න…” මලවදෙන් බේරෙන්න බැරිම තැන මම කිව්ව….
.
යන්තන් මාලු පාන් දෙකක් බඩට දාගෙන මට අැති වුනා… කන්න තරම් කැමැත්තක් හිතේ තිබ්බෙ නෑ…
.
” ඒ මචං….ඒ ම..මයුර… බලපන්… අන්න…පට්ට කෑල්ලක් ඩෝ…”
.
මුගෙ කෑ ගැහිල්ලට කෑල්ලක් තියා අලියෙක්වත් ඉන්නෑ ලගක…
.
” කෝ බං…”
.
මමත් අැහුවේ අැත්තටම ලස්සන කෙල්ලෙක් නම් ලගට බැහැල ටිකක් කැපිල පේන්න හිතාගෙන…
” අර බලපන්…අර…ඩෙනිමයි රතු බ්ලවුස් එකයි… යකෝ අැතීනා කැලේ බං…”
.
අැතීනා මොකා වුනත් ලස්සන අැති කියල හිතාගෙන මමත් බැලුවා….
.
” සයුරු උඹ වෙන එකෙක් උනානම් මැරුම් කාලා මගෙන්…”
.
මං ඒ නාරි රූපෙන් අැස් අහකට නොගෙනම කිව්ව…
” මොකද බං…කෙල්ලෙක් නිසා උඹ මිනී මරනවද…?” මූ අහන්න ගත්ත….
” කෙල්ලෙක්…..කෙල්ලෙක් නෙමෙයි බූරුවෝ…ඒ ප්‍රතීක්ෂා….බලපිය එකැස් පොට්ටයා අායේ හරියට…” මං කේන්තියෙන් කිව්වත් අැස් අහකට ගත්තෙ නෑ…
.
” අැත්තමයි…අර ඉන්නෙ උන්ගෙ අම්මත්…අර වෑන් එකේ සෙට් එකත් එක්ක බැහැල තියෙන්නෙ… ෆැමිලි අවුටින් එකක් වගේ බං…” සයුරුවා කියද්දිත් කට්ටිය වාහනෙට නගිනවා…
.
” සයුරු යතුර දියන්… ඒකි යන්නෙ අපායටද…, මේ මයුරත් යන්නෙ එතනට තමයි අද…නැගහන්…”
මං කියල ඉවර කලේ ඩ්‍රයිවින් සීට් එකේ ඉදන්….
.
” ඔව් ඉතින් උඹ යන්නෙ අපායටද මේ සයුරුත් එහෙටම තමයි…මොකද මගින් බැහැල යන්න කියල රුපියල් දහයක්වත් ගෙනාව කියලද…”
.
සයුරු කියපු එකට හිනාව දාගෙනම මම ඉස්සරහින් යන කැරවන් එක පිටි පස්සෙන් වාහනේ තියාගත්තා…
.
.
මතු සම්බන්ධයි…
.
.
#ජනිත්විමුක්තික

LEAVE A REPLY