. *****…පරස්පරය…***** (part 04) – ජනිත් විමුක්තික

0
52

සුදු චරිතවල බූදලයක් වූ අාදරය බලහත්කාරයෙන් හෝ ලබාගන්නටම උපන් කලු චරිතයක අැතුලාන්තය…..
.
ජනිත් විමුක්තික ලියයි…
.
*****…පරස්පරය…***** (part 04)
.
.
.
වෑන් එකට ටිකක් එහායින් තියාගෙන ගියේ නිකම්වත් වාහනේ නෝට් වෙන්න දෙන්න ඔ්න නැති නිසා…
නුවර ටවුන් එකට අැවිත් ට්‍රැෆික් එක අස්සෙ ඉස්සරහින් දාපු මරූටි කාරයෙක් නිසා මට පාර බ්ලොක් වුනා…
හොන් කරලත් මුට තියෙන තදියමට දාලා හිර කරගත්ත… ඒ අතරේ වෑන් එක මට මග අැරිල තිබුනා… වේගෙන් කි.මී 10ක් විතර ගිහින් හෙව්වත් මට වෑන් එක හම්බවුනේ නෑ…. අාපහු හරව ගත්තෙ හිත හදාගෙන ස්ටේට් එක පැත්තට දාන්න….
ඒ අස්සෙ අර මරූටි කාරයා ඉන්නව පාර අයිනෙ නවත්තගෙන කෝල් එකක වාහනෙන් එලියෙ…
ප්‍රතීක්ෂා මග අැරිච්ච එකට යක්ස කේන්තියෙන් හිටපු මට මේකා දැක්කමවත් උෟරු ජුවල්….
වාහනේ නවත්තල මං බැහැල ගියේ සයුරුටවත් හිතන්න වෙලාවක් නොතියා…
ටයි එකෙන් අල්ලල අැදල ගත්ත ගමන් දීපු කණේ පාරට ෆොන් එක විසි වෙලා ගිහින් මිනිහා කා එකේ වැදුනා…
” පාරේ යන්න ඉගෙන ගනින් බූරුවා…”
උෟට හිතන්නවත් ඉඩක් නොතියා මං වාහනෙට නැගල පාගල ගියා…
.
හිතට පොඩි සැහැල්ලුවක් දැනුනා… ප්‍රශ්නෙ ඔලුවට දාපු එකාට කණ පැලෙන්න දෙකක් ගැහුවනේ…. නුවර අැතුල් පාරක තිබුන ස්ටේට් එක හොයන් යන්න ගිහින් දෙපාරක්ම මම පාර වරද්දගත්තෙ ඔලුවෙ වැඩිපුර ඉඩක් ප්‍රතීක්ෂා අරන් හිටපු නිසා වෙන්න ඔ්නා…
.
අන්තිමේදී ටිකක් හවස් වෙන්න අපි තැනට අාවා…මංජුල තමයි සයිට් එක බලාගත්තෙ…ඔ්ගනික් ෆුඩ් කන්සෙප්ට් එකකට හදන අපේ චේන් එකේ අලුත්ම හොටෙල් එක…
අක්කර 3ක තේ කොටසකුත්, අනෙක් අක්කර 4 එළවලු පලතුරු වලිනුත් ඉඩම පිරිල තිබුනා… තේ කෑල්ලට ලගින් තමයි හොටෙල් බිල්ඩින් එක වදින්නෙ…
සම්පූර්ණ පරණ වලව්වක් ගෙනත් තිව්ව වගේ බිල්ඩින් එක… කෘතිමව හදපු දොලක් තමයි ස්විමින් පූල් එක වෙනුවට තියෙන්නෙ….
.
මංජුල අපිට කාමරයක් හදල දුන්නට පස්සෙ අපි නාගෙන කෝපි කෝප්ප දෙකකුත් අරන් වාඩිවුනා…
.
” මයුර…”
” ම්ම්ම්..”
” හෙට මාලිගාව බලන්න යමන්…, කාලෙකින් ගියෙ නෑනේ…”
සයුරු කිව්ව….
” යමන්… මටත් එද්දිම හිතුනා…හෙට උදෙන් යමන්…” මමත් කිව්වෙ අවුරුදු ගාණකින් මාලිගාවට නොගිය නිසා….
.
************************************
.
උදේම නැගිටල ලෑස්ති වෙලා අපි දෙන්න මාලිගාවට ගියේ කැමරාවත් උස්සන්… කැමරාව මගෙ අැහැට වඩා ලස්සන දේවල්වලට අාදරේ බව මං දැනන් හිටියා…
අැතුල් වෙන්න කලින්ම අෑතින් පොඩි එකෙක්ට මලක් දික් කරන කෙල්ලෙක් මං දැක්කා… ගෑණු කොච්චර වාත වුනත් ලස්සන පිංතූරයක් ගන්න උන් තරම් ලස්සන දෙයක් වෙන නෑ…. මං කැමරාව මානල සූම් කරා….
.
අැගම සීතල වෙලා ගියේ ෆ්‍රේම් එකේ හිටියේ ප්‍රතීක්ෂම නිසා… තත්පරයක්වත් අපතේ යවන්නැතුව කීප පාරක්ම කැප්චර් කරගත්ත….
” මේ කෙල්ල මාලිගාවෙ මොනවද කරන්නෙ…”
” ගෙදර අය එක්ක ට්‍රිප් එකක් එන්න අැති….” මට හිතුනා…
සයුරුට මුකුත්ම නොකියා නොදන්න ගානට මමත් මාලිගාව අැතුලට ගිහින් වැදල මල් පූජ කරල අාවා… ඒ අතරේ ලෝකෙන්ම හිත ගිය එකම ගෑණු රූපේ ස්ථානගතවුන තැන් ගැනත් අැහැ විමසිල්ලෙන් නොහිටියම නෙමෙයි….
ලගට ගිහින් කතා කරන්න හිතුනත් ඒක අනවශ්‍ය වැඩක් වෙයි කියල මට හිතුනා…
ෆොටෝස් ටික ප්‍රින්ට් කරලම දෙනවා…සප්‍රයිස් වෙයිනේ…
එහෙම හිතාගෙන මම සයුරුවත් එක්ක මාලිගාවෙන් එලියට අාවා….
.
” මචං බඩගිනියි…” සයුරුගෙ පුරුදු වාදනේ….
” යමන් යමන්…මගෙනම් බඩ පිරුනා…” මට කියවුනා…
” ඒ මොනව කාලද බං….” සයුරු එක පාරටම අැහුවා…
” දලදාව වැන්දනේ බං…”
මං අැගට පතට නොදැනි කිව්වා…
” අඩෝ….උඹ කවද ඉදන්ද බං ඔච්චර හොද බෞද්ධයෙක් වුනේ…” සයුරුවා අැහුවෙ නෝන්ඩියට වගේ…
” කොන්වන්ට් එකේ ස්පෝට් මීට් එකෙන් පස්සෙ ඉදන් බං…..”
මමත් හීනියට කියල දැම්ම…..
.
.
.
මතු සම්බන්දයි…
.
#ජනිත්විමුක්තික

LEAVE A REPLY