*****…පරස්පරය…***** (part 05) – ජනිත් විමුක්තික

0
47

සුදු චරිතවල බූදලයක් වූ අාදරය බලහත්කාරයෙන් හෝ ලබාගන්නටම උපන් කලු චරිතයක අැතුලාන්තය…..
.
ජනිත් විමුක්තික ලියයි…
.
*****…පරස්පරය…***** (part 05)
.
.
.
.
” මංජුල..කොහොමද වැඩ ටික… තව කොච්චර කාලයක් යයිද වෝල් අාර්ටිස් ටික ඉවර කරන්න….”
.
මං හවස් වරුවෙ මංජුලව ගෙන්න ගත්තෙ තාත්තට ගිහින් කියන්න රිපෝට් එකක් ඔ්න නිසා….
.
“තව සති තුනක් හතරක් යද්දි පුලවන් සර්…ෆ්‍රන්ට් එකට කවර් කරපු උස ටේබල් එක දාන්නෙපා කියල සර් කියපු නිසා ඒක හිස් තිව්වා…. එතනට මොකක්ද කරන්නෙ…”
.
” එතනට ටිකක් පාත ඔ්පන් ටේබල් එකක් දාන්න… රිසෙප්ෂනිස්ට් කෙනෙක්ට ඉක්මණටම ගෙස්ට් කෙනෙක්ගෙ දේකට අැටෙන්ඩ් වෙන්න පුලුවන් පාත් එකක් තියෙන්න ඔ්නා… අරක අස්සෙන් එලියට එන්නම විනාඩියක් විතර යනවනේ….පොඩි ටේබල් එකක් දාලා සිම්පල් පුටු දෙකක් තියන්න තීම් එකේ පාටට ගැලපෙන…”
.
” හරි සර්…එතකොට පේපර් වර්ක් කරන එව්වා කොහාටද දාන්නෙ…අනික කොම්පියුටර් එකක් තිබ්බොත් ඉඩ අැහිරෙයිනේ…”
.
” පේපර් වර්ක්ස් බැක් සයිඩ් ඔෆිස් එකට දාන්න…මෙතන එක ෆයිල් එකක් දෙකක් අත්‍යාවශ්‍යම ඒවා විතරක් තියාගන්න දෙන්න… ඩෙක්ස්ටොප් එකක් තියන්න එපා… ඩීසන්ට් ලැප්ටොප් එකක් තියන්න….”
.
“හරි සර්….ඒ ප්‍රශ්න හරි…ඊළගට ජිම් එකේ සර් කිව්ව වැඩේ හදවන්න කෙනෙක් බැලුවා…ඒක හොද ප්ලෑන් එකක් වෙයි….”
.
” එන අයට ප්‍රමෝට් කරන්න එ්ක…අැග අඩුකරගන්න බයික් එක එක තැන ඉදන් පදිද්දි ඉබේම පැල වලට වතුර යන බව පෙන්නන්න… එයාලා අනිවාර්යයෙන් කැමති වෙයි…”
.
“හරි සර්… තව මොනව හරි තිබුනොත් මං කියන්නම්…දැනට මේ විස්තර දාලා අප්ඩේට් එකක් මම සර්ට ඊමේල් කරන්නම්…”
.
” තෑන්ක්ස් මංජුල…ගුඩ් ජොබ්…”
.
මංජුල නොපෙනි ගියාට පස්සෙ මං බැලුවෙ සයුරු කෝ කියල…ටීවී එකේ ෆිල්ම් එක දාාගෙන මූ නිදි…හීනෙන් රසවිදිනව අැති….
.
මං ටිකක් එලියට බැස්ස… අද සීතල දවසක් ටිකක් වැඩිපුර… ඒත් හිත රස්නෙයි….වාසනාවද මන්දා…මං යන යන තැනම ප්‍රතීක්ෂත් එන්නෙ…
ඒත් මේ කෙල්ල වචනයක් හරියට කතා කරන්නෑනේ… නෙහාරා නම් කිව්වෙ පුදුම සේෂල් කෙල්ලෙක් කියල… හැම වැඩම බැහැල කරන හැම කෙනා එක්කම කතා බහ කරල හිනාවෙලා ඉන්න කෙනෙක් කියල… ඒකනම් මමත් අද මාලිගාවෙදි දැක්කනේ… මහ හයියෙන් හිනා වෙවී හිටියෙ….
ඒත් අැයි මට විතරක් මේ කෙල්ල මෙච්චර නිශ්ශබ්ද…. මං මෙච්චර කාලෙකට කෙල්ලෙක්ට අාදරේ කරල නැති එකේ මගෙ පොඩි පොඩි අඩුපාඩු අැති… හැමදාම කෙල්ලෝ අාස්සරේ කරේ උන්ම බලෙන් අැවිත් පැටලුනාම නිකන් තියෙන එකේ මටත් මොකෝ කියලනේ….
අන්තිමට මංම උන්ව එලවගත්තම මට බනින හැටියට මටම හිනා…
මට එපා නිසානේ එපා කියන්නෙ… අායේ අායේ හොටු පෙරාගෙන අැගේ එල්ලෙන්න ඔ්නද…
මුන්ට රටේ ලෝකේ මිනිස්සු නෑ වගේ හරියට….
.
කල්පනාව ටිකක් දුර ගියත් මට අායේ මතක් වුනා ප්‍රතීක්ෂල ගෙදර යන දවසක් මම දන්නෑ නේද කියල…. ක්ලාස් යන දවසක් හොයාගත්තනම් ටිකක් ගෙස් කරන්න තිබුනා…. කාගෙන්ද අහන්නෙ…. නෙහාරට කෝල් කරල අහගන්න ඔ්නා….
.
“හෙලෝ….ඒ මේ වැඩක් කරල දෙනවකෝ…”
.
” මොකක්ද මේච්චර ලොකු සල්ලිකාරයට මගෙන් කරගන්න තියෙන වැඩේ…”
.
ඒකි හින්ට් එක ගහන්නෙ මගේ අැටිටියුඩ්වලට… මට මොකද..අැගේ අැලෙනවද…
.
” ප්‍රතීක්ෂට අායේ පංති කවද්ද…?”
.
” ම්ම්ම්…මට මොනවද හම්බවෙන්නෙ මේක කරල දීලා…”
.
මුන් යකෝ මාර ගෑනුනේ…මොනවම හරි කොටා ගන්නමයි හිත….කියල හිතුනත් මං කියන්න නොගියේ මගේ වැඩේ කරගන්න ඔ්න නිසා….
.
” මොනවද ඔ්නා…”
.
මං අැහුවා…
.
” රු.5000ක්… මට ගවුමක් ගන්න…”
.
” හරි…විනාඩි දහයකින් ට්‍රන්ස්අැක්ෂන් එක කරන්නම්…දවස කියන්න…”
මං කිව්වා….
.
” අනිද්ද ක්ලාස්…ඒකි කට් කරන්නෑ ක්ලාස් කීයටවත්…”
.
මට ඔ්න වුනේ එච්චරයි…
.
” රායිට්. විනාඩි දහයකින් ඔයාට සල්ලි වැටෙයි…තෑන්ක්ස්…”
.
මං ලයින් එක කට් කරා… ඒ කියන්නෙ හෙට ගෙදර යන්න ඔ්නා අපිත්….
මිනිබාර් එකෙන් සොෆිට් ඩ්‍රින්ක් එකක් ගනිද්දිම සයුරුවා අැහැරුනා…
” ඒ රෑට මුකුත් කරනවද බං…”
උෟ අහපු තාලෙටම මට හිනා ගියා…
” පර්ස් එකෙන් සල්ලි අරන් මංජුලට දියන්…උෟ ගෙනත් දෙයි…පලතුරු ටිකකුත් ගේන්න කියාන්…”
මං කියල ඉවරවෙන්නත් කලින් සයුරු පර්ස් එකත් උස්සන් එලියට පැනලත් ඉවරයි…
.
” මූ හිතන්නෙ අදින් ලෝකේ අරක්කු ඉවර වෙනව කියලද මන්දා…”
.
මම හිතින් කියාගෙන බැල්කනියෙ වාඩි වුනේ බීම එක තොලගාන ගමන්….
.
.
.
මතු සම්බන්ධයි…
.
.
#ජනිත්විමුක්තික

LEAVE A REPLY