බුබුල තුළ ජිවත් වූ පිරිමි දරුවා

0
51

මිනිස්සු සමාන්‍යයෙන් එක තැනක කොටු වෙලා ඉන්න කැමැති ජාතියක් නෙමෙයි නේද? නිකමට හිතලා බලන්න ඔයාලාගේ ජිවිත කාලයම ප්ලාස්ටික් බුබුලක් ඇතුලේ හිර වෙලා ඉන්න සිද්ධ වුනොත්? මොන වගේ හැගිමක් ඇති වෙයිද? ඒත් මේ කතාවේ කියන්න යන David Philip Vetter කියන්නේ ඒ වගේ ජිවිතයක් ගත කරපු දරුවෙක්.. ඩේවිඩ් කියන්නේ එක් අවස්ථාවක මුළු ලෝකයේ ම හදවත් තමන් දෙසට හරවා ගත් දරුවෙක්.. වෛද්‍ය විද්‍යාව නව මගකට ගෙනි යන්නත් විද්‍යාව හා තාක්ෂණය අලුත් මගකට යොමු කරන්නත් සමත් වුනු දරුවෙක්… ඒත් අවසනාවට මේ ඩේවිඩ් ට ඒ සියල්ල බලා ගන්න තරම් කාලයක් ලැබෙන්නේ නෑ… මේ ඒ කතාවයි…

ඩේවිඩි කියන පුංචි දරුවා උපදින්නේ 1971 වර්ෂයේ සැප්තැම්බර් 21 වෙනිදා ඒ හුස්ටන් වල තිබුනු ළමා රෝහලක දී.. ඩෙව්ඩි මේ ලෝකයට නිරාවරණය වුනු පළමු තත්පර 20 තුළ දීම එයාව විශේෂ ප්ලාස්ටික් ආවරණයක් තුළ තැන්පත් කරනවා.. ඒ අසමාන්‍ය තත්ත්වයක් වෙන Severe combined immunodeficiency නැතිනම් කෙටියෙන් SCID ලෙසින් හදුන්වන රෝගයත් සමග උපත ලැබීම නිසා. මෙය ජානමය රෝගයක් ලෙසයි සලකන්නේ.. මේ තත්ත්වය ඇති වුනාම මේ රෝගියා බාහිර පරිසරයේ ඇති කුඩා විෂ බීජයකින් පවා ආසදනයක් ඇති වෙලා මිය යන්න පුළුවන්.. මොකද මේ අයගේ ප්‍රතිශක්තිකරණය අතිශයෙන් ම දුර්වල වෙන නිසා.. මේ අයගේ ජිවිත ගලවා ගැනීමට කළ හැකි එකම දෙය නම් නව ඇටමිදුළු බද්ධ කිරිමක් විතරයි..ඩේවිඩ්ගේ දෙමාපියන් වුනු කැරෝල් ඈන් හා ඩේවිඩ් ජේ.වෙට්ර් දාව උපත ලැබුවා පළමු දරුවා ඩාවිඩ් විතරක් නෙමෙයි.. ඊට කළින් උපත ලබපු දරුවාද මේ විදිහට SuCID නිසා මිය යනවා…

ඔවුන් තවත් දරුවෙක් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න වෙලාවේ තමයි ඩේවිඩ් උපදින්නේ.. ඩේවිඩ්ගේ උපතට පෙර වෛද්‍යවරුන් අනතුරු අගවනවා මේ දෙපළටම මේ දරුවාත් ඉහත රෝගයට ලක් වී ඇති බවත් එම දරුවා උපත ලැබුවද ජිවත් කළ නොහැකි වනු ඇති බවත්.. නමුත් මේ දෙපළ දරුවා නැති කර ගැනීමට කැමැත්තක් දක්වන්නේ නෑ.. ඩේව්ඩ් ඒ විදිහට ලෝකයට උපත ලබන්නේ තමන්ගේ ඉතිරි ජිවිතයම ප්ලාස්ටික් බුබුලක් තුළ ජිවිතය ගත කරන්න බලාගෙනයි.. වෛද්‍යවරුන් විශ්වාස කරා ඩේවිඩ් ට වයස අවුරුදු 2 පමණ වෙද්දි මේ රෝගී තත්ත්වය උපරිමයක් දක්වා වර්ධනය විය හැකි බව.. ඒ අනුව ඩේවිඩ්ට ජිවිතේ ඉතිරි කාලයම ප්ලාස්ටික් බුබුල තුළ ගෙවා දැමීමට සිදුවනු ඇත.. ඩේව්ඩි කුඩා කාලයේ දී රදවා තිබුනු ප්ලාස්ටික් බුබුල ප්‍රමාණවත් වුනේ නෑ ඩේවිඩ්ට ජිවත් වෙන්නේ ඒ අනුව තමයි NASA ආයතනයේ මැදිහත් වීම මගින් වි‍ශේෂ වූ ප්ලාස්ටික් කුටිරයක් ඩේවිඩ් වෙනුවෙන් ඉදි කරන්නේ isolator containment centers තුළ.. ප්ලාස්ටි කුටිරය තුළ ජිවත් වෙන දරුවා බලා ගැනීම ලේසි කටයුත්තක් නම් වුනේ නෑ ඒ අනුව තමයි ටෙක්සාස් ළමා රෝහලේ 30 දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක් ඩේවිඩ් වෙනුවෙන් කැප වෙන බව ප්‍රකාශ කරේ..

කාලය සෙමින් ගෙවිලා ගියා.. මේ අතර තමයි ඩේවිඩ්ගේ අවුරුදු 6 උපන්දිනය උදා වෙන්නේ.. එදා ඩේවිඩ් ට එයා හිටිය කුටිරයෙන් එළියට යන්න ඕන වුනේ එයාගේ වටේ තියෙන ලෝකය දකින්න..ඒත් ඩේවිඩ් ට සමාන්‍ය දරුවෙක් වගේ ලෝකය දකින්න අවස්ථාවක් නෑ.. මේ අතර තමයි නැවතත් NASA ආයතනය ඉදිරිපත් වෙන්නේ මෙවර නම් ඉදිරිපත් වුනේ නාසා ආයතනයේ අභ්‍යාවකාශ කටයුතු පිළිබද පර්යේෂණ මධ්‍යස්ථානය තමන්ගේ දිනක වැඩ ඔවුන් ඩේවිඩ් වෙනුවෙන් නතර කරලා මේ දරුවා වෙනුවෙන් සුවිශේෂි ගගනගාමියෙකුගේ ඇදුමකට සමාන ඇදුමක් නිර්මාණය කරනවා.. මේ ඇදුම තුළට වාතය ලබා දුන්නේ වාතය පිරිසිදු කරලා දෙන විශේෂ යන්ත්‍රයක් මගින්.. ඩේවිඩ් එදා පළවෙනි පාරට බිමට බැහැලා ඇවිද්දා හරියට ගගනගාමියෙක් වගේ ම…ඩේවිඩ් හුණු කැටයක් අරන් එයාගේ නම ලිව්වා.. එයාගේ යාළුවෝ එක්ක වතුර බටයක් අරන් වතුර ගහගත්තා..අත් වලින් අල්ලගෙන ඇවිද්දා.. මේ සියල්ල වුනේ බලා සිටි අයගේ ඇස් වලට කදුළු එක් කරමින්.. ඩේවිඩ්ට ඇවිදන්න පුළුවන් වුනේ 24×28 තරම් වර්ගඵලයක් සහිත පිරිසිදු කරන ලද භූමියකයි..

බලා සිටි අයට ප්‍රීතයත්, කදුළුත් එක් කරපු අවස්ථාව වුනේ ඩේවිඩ්ගේ මව වුනු කැරෝල් තමන්ගේ දරුවා පළමු වරට වඩා ගන්නා අවස්ථාවයි ඒ 1977 ජූලි 29 වෙනිදායි… ඉපදුනු දවසේ ඉදන් ඇයට කවදාවත් ඒ අවස්ථාවක් ලැබිලා තිබුනේ නම් නෑ.. නාසා ආයතනය විසින් සාදන ලද ඇදුම නිසා ඒ අවස්ථාවත් ඇයට උදා වුනා.. ඩේවිඩ් ඉගෙනීමේ කටයුතු වල නිරත වුනා එයාගේ වයස ආපුවාම.. 1979 දී ඩේවිඩ්ගේ රෝග විනිශ්චය කරපු වෛද්‍යවරුන් පැවසුවේ තවත් වසර 10ක් යනතුරු රෝගී තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කළ නොහැකි බවයි.. 1982 දී ඩේවිඩ්ගේ 11 වෙනි උපන්දිනය දවස එයාට අලුත් දෙයක් කරන්න ඕන වුනා. ඒ පළවෙනි පාරට රැ අහසේ තරු දිහා බලාගෙන ඉන්න.. එදා රාත්‍රියේ ඩේවිඩ් එයාගේ පවුලේ අයත් එක්ක විනාඩි 20ක පමණ කාලයක් ටෙක්සාස් හී රාත්‍රී අහසේ දිදිලන තරු දිහා බලාගෙන හිටියා.. කාලය ගෙවිලා ගියා..

1983 දී ඩේවිඩ්ගේ ජිවිතයට බලාපොරොත්තුවක් එක් කරමින් ඇටමිදුළු බද්ධ කිරීමට කටයුතු සුදානම් වුනා.. නමුත් අවාසනාවට ඇටමිදුළු දායකයාගේ ඇටමිදුළු ගැලපීම අසමාන වුනා. අවස්ථාවක් තිබුනු නමුත් බද්ධ කිරීම සදහා එහි අවදානම ගැනීමට සියලු දෙනා අකමැති වුනා.. ඒ අනුව ඩේවිඩ්ගේ සහෝදරියක් විසින් ඇටමිදුළු පරිත්‍යාග කරනු ලබනවා.. මාස කිහිපයකට පසුව ඩේවිඩ්ගේ සහෝදරියගේ අස්ථි තුළින් ඇටමිදුළු සම්මිශ්‍රණය ලබා ගන්නට වෛද්‍යරුන් සමත් වෙනවා නමුත් ඒ වෙද්දී ඩේවිඩ්ගේ ශරීරය තුළ පිළිකාවක් වර්ධනය වෙමින් තිබුනා.. ඩේවිඩ් වයස අවුරුදු 12 දී lymphoma කියන තත්ත්වයක් නිසා මිය යනවා.. ඒ වෛද්‍යරුන් අවසන් මොහොත වෙනතුරු කරපු සටන පරාජය කරමින්… වර්ෂ 1984 දී පෙබරවාරි 22 දෙවැනි ද සියලු දෙනාගෙම දෑස් වල කදුළු එක්කරමින් ඩේවිඩ් සමුගත්තා..

ඩේවිඩ්ගේ මරණයෙන් පසුව ඩේවිඩ් සිටි Immunology Clinic මධ්‍යස්ථානය ඩේවිඩ් සෙන්ටර් නමින් විවෘත කරන්නේ ඩේවිඩ් ට උපහාරයක් වගේ ම ඩේවිඩ් ට වැළදුනු Severe combined immunodeficiency කියන රෝගයට ප්‍රතිකාරය සොයා ගැනීමට පර්යේෂණ කිරිමේ අරමුණ ඇතිව..මන්ද ඩේවිඩ්ගේ බලාපොරොත්තුව වුනේ එයාට වුනු දේ වෙන කෙනෙකුට වෙනවා දකින එක නෙමෙයි නිසා………..

මුුලාශ්‍ර- CBC News, Wikipedia ඇසුරිනි…
-දිලීප සංජය රණවක-
ලෝකය සිංහලෙන් කියවමු….

LEAVE A REPLY