*****…පරස්පරය…***** (part 06)- ජනිත් විමුක්තික

0
28

සුදු චරිතවල බූදලයක් වූ අාදරය බලහත්කාරයෙන් හෝ ලබාගන්නටම උපන් කලු චරිතයක අැතුලාන්තය…..
.
ජනිත් විමුක්තික ලියයි…
.
*****…පරස්පරය…***** (part 06)
.
.
.
.
“මයුර….”
සයුරුගෙ කට හඩෙන් මං ගැස්සිල ගියා….
“ඔ…ඔව්…කියහන්…” මං කලබලේ හංගගෙන කිව්ව….
.
” මොකක්ද බං ග්ලාස් එක අතේ තියන් කල්පනා කරන්නෙ..” සයුරු අායෙත් අැහුවා….
.
” මුකුත් නෑ බං… චියර්ස්…”
.
මං කිව්වත් මගෙ හිත තාමත් දැවටෙන්නෙ ප්‍රතීක්ෂා වටේ….
බොන්න තරම් හිතක් තිබුනෙ නෑ… සයුරුට බොන්න දීලා මම නිකන් තොල ගගා උෟට හූමිටි තිව්ව විතරයි…
ටිකක් වෙලා ගිහින් සයුරුවා වෙරි මතටද නිදි මතටද මන්දා නින්ද ගිහින් තිබුනා….
.
මං අැදට වැටුනත් නින්ද නම් අහලකවත් තිබුන්නෑ…
ප්‍රතීක්ෂා අැයි මාව ගනන් නොගන්නෙ… අනික් කෙල්ලෝ මැරීගෙන පස්සෙන් එද්දි මේ කෙල්ල නිකන්වත් මාව ගනන් ගන්නෑ….
අැත්ත ඒකි හුගක් ලස්සනයි…. ඒත් ඒ වගේම ලස්සන උන් ඔ්නතරම් මං පස්සෙන් අදටත් එද්දි මේකි විතරක් අැයි මෙච්චර ගනන්… එක අතකට මමත් ඒකි මත්තෙම මෙච්චර මැරෙන්න හදන්නෙ අැයි කියල මටවත් හිතාගන්න බෑ….
දැක්ක වෙලාවේ ඉදන්ම හිත ඒකිගෙන් අහකට ගන්නම බෑනේ… කවදාවත් මං මෙච්චර කෙල්ලෙක් ගැන සීරියස් වෙලා නෑ… සල්ලි කෝටි ගානක් අස්සෙ කිසිම ප්‍රශ්නයක් නැතුව හිටපු මම දැන් විසදගන්න බැරි එකම ප්‍රශ්නයක් අැතුලේ හිරවෙලා… විසදුමක් හිතාගන්නවත් බැරි තරම් ප්‍රශ්නෙක…
මේ ප්‍රශ්න වලින් ඔලුව තදවෙද්දි අැස් දෙක ඉබේම පියවුනා….
.
************************************
.
උදේම සයුරුවා වෙරිමරගාතෙම වාහනේට දාගෙන පිටත් වුනේ හවස් වෙද්දිවත් ගෙදර එන්න බලාගෙන…
” මයුර…”
සයුරු කතා කරන්න ගත්ත…
” කියපන්…”
” උඹ ටිකක් වෙනස් වෙලා… වෙනද හරි සැහැල්ලුවෙන් හිටපු උඹ දැන් සෑහෙන්න වෙනස්….”
” හ්ම්….”
” මොකක්ද බං ඒකිගෙ ඔච්චරම තියෙන දේ…”
” මං දන්නෑ සයුරුවා…මගෙ හිත හෙල්ලුවනම් කෙල්ලෙක් ඒ ඒකිම තමයි…උඹ දන්නවනේ මං ගෑණු පඩේකට ගනන් ගන්නෙකෙක් නෙමෙයිනේ…”
මං කිව්ව නෙමෙයි…කියවුනා…
.
” ඒකනේ බං…මොකක්ද බං ඒ… ඒකි උඹව ගනන් ගන්නෑ… ”
.
” ගනන් ගන්නැති එකට හේතුවත් මං බං… මං අර හිකනලාට ගහපු දවසෙ ඒ වෙලාවේ ඉදන්ම මම මගේ ලකුණු කපාගත්ත…”
.
” හරි බං ඒක ඔච්චර දෙයක්ද…? ”
.
” ඒකේ උඹට මට දෙයක් නොවුනත් ඒකිට ලොකු අැති… මටත් ඒකිව තේරුම් ගන්න බෑ බං.. මං කතා කරහම වාහනේට නැගල යන්නත් එනවා..ඒත් වචනයක් කියන්නෑ…අනිත් හැමෝටම හොද කෙල්ල මට විතරක් හිනාවක්වත් දෙන්නෑ…”
.
මට හීල්ලුනා… මේ මමමද කියල මටම හිතාගන්න බැරි තරම් මම වෙනස් වෙලා….
ඒත් එක දෙයක් හිතේ තදටම තිබුනා.. ඒ ප්‍රතීක්ෂා මගේ…මගේ විතරමයි කියන එක… ලෝකෙම මරල දාලා හරි ඒක ඉෂ්ඨ කරගන්නව කියල මං මටම පොරොන්දු වුනා…
.
සයුරු සද්ද නැතුව හිටියෙ මට නිදහසේ හිතන්න දෙන්න වගේ…
නුවර ඉදන්ම එක දිගටම මං ඩ්‍රයිව් කරේ හිතේ තිබ්බ කලබල ගතිය ටිකක් මග අැරෙන්නත් එක්කම…
.
” හෙට ක්ලාස් යද්දි ගිහින් බලනවා…”
මං මටම කියාගත්ත…
.
.
මතු සම්බන්ධයි…
.
.
#ජනිත්විමුක්තික
.
පෙර කොටස් මග හැරී අැත්නම් හෑෂ් ටැග් එක හරහා හෝ මගේ වෝලය හරහා ලබාගන්න….

LEAVE A REPLY