දරුවන් ලවා වැඩිහිටි සිතැඟි බෑවීමේ ඛේදවාචකය – ශාන්ත කේ. හේරත්

0
282

පොතක, පත්තරයක, ටී. වී, එකේ යන කාටුන් එකක වැඩිහිටියෙකු විසින් අදින ලදයමක්, ( විශේෂිත අවස්ථාවකදී හැර ) නැවත ළමයකු විසින් ඒ ආකාරයට ඇන්දවීමට යම් වැඩිහිටියෙකු ක්‍රියාකරයිද..? ඔහු ගැන නැවත සිතා බැලිය යුතුය..එවැන්නන්ගේ ඇසුර ළමයකුට තබා වැඩිහිටියෙකු පවා ලබාගතයුත්තේ ප්‍රවේසමට මුල් තැන ලබාදීමෙන්ය….මේ නිර්මාණය ද, දරුවාගේ ස්වාධීනත්වය පෙන්නුම් කරයි…

අවුරුදු 6 ක දැරියකගේ මේ උත්සාහය ට අපි වටා පිටාව සකසාදීම හැර වෙනයමක් කලයුතු නැතැයි සිතමි..

දරුවෙකුගේ ඇගේ ඇති විසේ (දඟකාරකම්) මෙම සිතුවම තුලින්ද දැකගතහැකිය..

වර්ණය, රිද්මය, ඉවසීම…සහ දැක්ම ඇතිකර ගැනීම සදහා අභ්‍යාසයක..

ළමයාගේ ළමා දක්ෂතා අගයකරමු..!!!! .ළමයා තුලින් වැඩිහිටි උවමනාවන් බලහත්කාරයෙන් ඉටුකරගැනීමට උත්සාහ කිරීම තුලින් ළමයාට කිසිදු යහපතක් සිදු නොවේ

මේ නිර්මාණයද දැරියක ගේය.ඇය හුරුඹුහුටි ලෙස හා චිචිත්‍ර ලෙස සමාජය විනි

දැක ඇතිබව සිතේ…

තමන්ගේ ප්‍රමාණය හදුනා ගනිමින්, තම ශක්තිය උපරිමයෙන් වැයකරමින්, අනෙකා අවතක්සේරුනට හෝ අධිතක්සේරුවට ලක්නොකරමින් නිර්මාණාත්මකව ජීවිතයට මූහුනදීම සඳහා දරුවන් හුරු කළ යුතුයි.

දරුවන්ගේ තරග වලට ඉදිරිපත්විය යුතුවන්නේ දරුවන්මය. වැඩිහිටියන් දරුවන් ඒ සදහා දැනුමින්, අභ්‍යාසයෙන් සන්නද්ධ කලයුතුය. නැතිව දරුවන්ගේ වැඩේ දරුවාගෙන් පැහැරගෙන එය වැඩිහිටියා හෝ ගුරුවරයා කරන්නේ නම් ඒ ලබන ජයග්‍රහනය රටේම පරාජයට, අනාගතයේදී හේතුවෙනවා නොඅනුමානය.

-මතුසම්බන්ධයි

 

–  ශාන්ත කේ. හේරත්

LEAVE A REPLY