විහිළුවක් පිටුපසු සැගවුනු කතාවක් – දිලීප සංජය රණවක

0
136

මේ ඡායාරූපය දැක්ක ගමන් ඔයාලාට දෙයක් මතක් වෙන්න ඇති.. මේ විඩියෝව ප්‍රසිද්ධ සමාජ ජාලයක් වුනු යූටියූබ් ඔස්සේ ඉතාමත් ඉක්මණින් ප්‍රසිද්ධියට පත් වූනා මුළු ලෝකයම පුරාම 48,042,375 ප්‍රමාණයක් නරඹා තිබුනා මේ විඩියෝ..

විඩියෝව ගැන කියනවා නම් විනාඩි 1 යි තත්පර 53ක කාලයක් තුළ දිවෙන මේ කෙටි විඩියෝ දර්ශනයේ ඇත්තේ සුනඛයෙකුට මරාන්තික ප්‍රහාරයක් එල්ල කරන කැංගරුවෙකුට මිනිසෙකු විසින් එල්ල කරන දැඩි මුෂ්ටි ප්‍රහාරයක් හමුවේ කැංගරුවා සිදු වු දෙය අදහා ගත නොහැකිව පලා යාමයි.. එයා ඉතා හාස්‍ය ගෙන දෙන සිදුවීමක් ලෙස මුළු ලෝකයම සිනාවට පත් කරන්න සමත් වුනා.. ඒත් මේ සිදුවීම පිටුපස මිත්‍රත්වය,ආදරය,අහිමි වීම සංවේදි බව වගේ විශාල කතාවක් සැගවී ඇති බව එම විඩියෝ දර්ශනය බලපු කිසිවෙකුත් නොසිතන්න ඇති.. මේ ඒ ප්‍රසිද්ධ සිදුවිමේ ඇතුළත සැගවුනු සංවේදි කතාවයි…
මේ විඩියෝ ව ඇත්තටම පටිගත වෙලා තිබුනේ මිය යමින් සිටිය තරුණයෙකුගේ කැමරාවකි..
ඔහුගේ ජිවිතේ අන්තිම අවස්ථාව වුනේ තමන්ගේ මිතුරා සමග දඩයමේ යාමයි.. ඔහු නමින් කලීම් බ්‍රාවික්. ඔස්ට්‍රේලියානු තරුණයෙක් පිළිකාවක් නිසා ඔහු පීඩා විදිමින් සිටියේ..
කලිම්ගේ ජිවිතේ එයාට ලබා ගන්න තිබුනු අවසන් අත්දැකීම වුනේ තමන්ගේ හොදම මිතුරන් සමග දඩයමේ යාමයි.. ඒ සදහා එයාලා තෝර ගන්නේ ඕස්ට්‍රේලියාවේ Condobolin කියන ප්‍රදේශයයි.. කලීම්ගේ සුරතලේ ට ඇති කළ මේ සුනඛයන් දෙදෙනාද මේ ගමන සදහා අරන් ගියා.. සමාන්‍යයෙන් වැඩුනු පිරිමි කැන්ගරුවන් ඉතා භායනක මෙන්ම ආක්‍රමණශිලි සත්ත්වයන් පිරිසක්.. මිනිසෙකුගේ මෙන් මාංශපේශි වර්ධනය වී තිබෙනවා.. ඉතාමත් ශක්තිමත් භාවයකින් යුක්ත නිසා කිසිවෙකුත් කැංගරුවන් ළගට ලං වෙන්න හිතන්නේ නම් නෑ..


ඒත් කලීම්ගේ සුනඛයෙක් මේ කැංගරුවෙකු ලං වූ විගසම සුනඛයාව තදින් අල්ලා ගන්න කැන්ගරුවා සුනඛයාගේ බෙල්ල තදින් අල්ලාගන්නවා.. සුනඛයාගේ සම ඉරි ලේ ගැලීම නිසා සුනඛයා වේදනාවෙන් කෑ ගසනවා ඇහුනු කලීම් සහ ඔහුගේ මිතුරාට මේ සිදුවීම පෙනෙනවා වාහනයේ සිටි කළිම්ගේ මිතුරු වාහම ක්‍රියාත්මක වෙනවා.. කැන්ගරුවා ළගට යන කැන්ගරුවාට ඔහුගේ අතින් ප්‍රහාරයක් එල්ල කරනවා.. කැන්ගරුවාට සිදු වූ දෙය සිතා ගත නොහැකිව එතනින් පලා යනවා…


එදා කලිම් සිතේ සැටියට සිනාවට පත් වුනේ මේ විඩියෝව නැවත නැවත බලමින් ය.
මේ සිදුවීමෙන් සති 2කට පසුව කලිම් ඔහුගේ පෙම්වතිය හා විවාහ වෙනවා..ඊටත් දවස් කිහිපයකට පසුව ඔහු මිය යන්නේ වසර 2ක් පුරා අස්ථි පිළිකාවක් සමග කළ සටනකින් අනතුරුවය.. විඩියෝ ඒ වෙද්දිත් මිලියන ගණනකගේ හාස්‍යයට පත් වූ සිදුවීමක් වෙලා ඉවරයි.. නමුත් මේ සිදුවීමට එරෙහිව එරට සත්ත්ව බලධාරීන් නිතිමය පියවර ගන්නත් කටයුතු කරලා තිබුනා මොකද කැන්ගරුවා කියන්නේ ඕස්ට්‍රේලියාවේ ජාතික සත්ත්වයෙක් වගේම වදවීමේ තර්ජනයට ලක් වෙලා ඉන්න සත්ත්වයෙක් නිසා.. නමුත් බොහොම පිරිසක් කලිම්ගේ පැත්තට කතා කරන්න වුනා.. ඔවුන් දැඩි ලෙස කියා තිබුනේ මේ සිදුවිමේ ඒ තරම් දරුණු දෙයක් පෙන්නේනට නැති බවයි..


සත්ත්ව සංවිධාන නම් කියන්නේ කැන්ගරුවන් ට මිනිසා මෙන්ම ආතතියට පත් විය හැකි බවත් එවිට මේ වගේ ප්‍රහාර එල්ල කරන බවත්ය..
මේ සිදුවීම විහිළුවක් නොවන බවත් පෙන්වා දෙන ඔවුන් මෙය සත්ත්ව හිංසාවක් බවත් කියා සිටියා.. කොහොම වුනත් මේ සිදුවීම පිටුපස එක් තරුණයෙකුගේ අවසන් අවස්ථාව ප්‍රිතිමත්ව ගෙවා දැමීමට හැකි වූ අවස්ථාවක් බවයි බොහො දෙනා කියන්නේ…
ඉතින් විඩියෝව බලපු නැති අය වෙනුවෙන් විඩියෝව පළවෙනි කමෙන්ට් එකේ..

-කරුණු අන්තර්ජාලය ඇසුරිණි.
-දිලීප සංජය රණවක

LEAVE A REPLY