රෝහින්ග්‍යා ගැටුම රූ රැජිනට කිරුළ අහිමි කරයි

0
42

‘රකයින්’ පළාතේ සිදු කෙරෙමින් පවතින ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළත් වීඩියෝ පටයක් නිර්මාණය කිරීම නිසා සිය ‘රූ රැජින සම්මානය’ තමාට අහිමි කර ඇතැයි බුරුම ජාතික රූප රාජිනියක් පවසයි.

‘රකයින්’ පළාතේ ගැටුම් සිදු කරන බවට රෝහින්‍යා සන්නද්ධ කණ්ඩායම්වලට චෝදනා කරමින්, ස්වේ ඒන් සි (Shwe Eain Si) නම් එම සුරූපී තරුණිය විසින් තැනූ ‘ග්‍රැෆික්’ වීඩියෝ පටයක් පසුගිය සතියේ අන්තර්ජාලයේ පළ කරනු ලැබ ඇත.

ඉන් අනතුරුව අදාළ තරඟයේ සංවිධායකයන් විසින් දහනව හැවිරිදි සුරූපිනිය දිනා සිටි ‘රූ රැජින’ කිරුළ (Miss Grand Myanmar) අහෝසි කරනු ලැබ ඇත.

ස්වේ ඒන් සි (Shwe Eain Si) ඇය කිරුළු පළන් රූ රැජින තරඟයට අදාළ කොන්දේසි කඩ කර ඇතැයි පවසන තරඟ සංවිධායකයෝ ඇයගේ හැසිරීම ‘ආදර්ශමත් චරිතයකට නොගැළපෙන’ බව පෙන්වා දෙති.

එහෙත් ඇය විසින් අන්තර්ජාලයේ පළ කරනු ලැබ ඇති වීඩියෝ පටයේ අන්තර්ගතය සම්බන්ධයෙන් තරඟ සංවිධායකයෝ අදහසක් දක්වා නැත.

“පුරවැසියකු හැටියට ජාතිය වෙනුවෙන් ඇත්ත කතා කිරීම සඳහා සිය සමාජ බලය පාවිච්චි කිරීමට තමා බැඳී සිටින” බව ස්වේ ඒන් සි පවසන්නීය.

බංග්ලාදේශය බලා යන රෝහින්ග්‍යා අනාථයන්බංග්ලාදේශය බලා යන රෝහින්ග්‍යා අනාථයන්

සිය ෆේස්බුක් පිටුවේ පසුගිය සතියේ පළ කරන ලද වීඩියෝ පටය මගින් අදහස් දක්වන ස්වේ ඒන් සි “අරකන් රෝහින්ග්‍යා ගැලවීමේ හමුදාව මුස්ලිම් ආගමික රාජ්‍යයක් (“caliphate-style movement” ) වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ලෙස හඳුන්වා දෙමින් එම ප්‍රහාරකයන් ඉවක් බවක් නැතිව ප්‍රහාර එල්ල කරමින් සිටින” බව පවසන්නීය.

ඇය සන්නද්ධ ප්‍රහාරකයන් සහ ඔවුන් වෙනුවෙන් ‘මාධ්‍ය ව්‍යාපාරයක්’ ගෙන යමින් සිටින ආධාරකරුවන් ගැනත් සඳහන් කරමින් එම කණ්ඩායම් දෝෂ දර්ශනයට ලක් කර ඇත.

මුස්ලිම් රෝහින්ග්‍යා ජනතාවට එරෙහිව මියන්මාර් හමුදාව මහා පරිමාණයෙන් සිදු කරනු ලබන්නේ යයි පැවසෙන සංහාරය පිළිබඳව ස්වේ ඒන් සි රූ රැජින කිසිවක් නොකියයි.

තම ඉලක්ක බවට පත්ව ඇත්තේ රෝහින්ග්‍යා සන්නද්ධ කණ්ඩායම් පමණක් බව ජන සංහාරයක නිරත වීමේ චෝදනා එල්ල වී ඇති මියන්මාර හමුදාව පවසයි.

‘අර්සා’ සන්නද්ධ කණ්ඩායම් මියන්මාර් ආරක්ෂක මුර පොළවලට එල්ල කරන ලද ප්‍රහාර සමඟ පසුගිය අගෝස්තු 25 දා පටන් ‘රකයින්’ පළාතේ පැතිර ගිය ප්‍රචණ්ඩ ගැටුම් නිසා ලක්ෂ පහකට අධික රෝහින්ග්‍යා ජනතාව අසල්වැසි බංග්ලාදේශයට පළා ගියහ.

‘රකයින්’ ගම්වාසීන් සහ හින්දු වැනි එම පළාතේ සෙසු සුළු ජන කොටස් ද ප්‍රචණ්ඩ ගැටුම් නිසා පීඩාවට පත්ව සිටිති.

මියන්මාර් ආරක්ෂක හමුදාව ජන සංහාරක චෝදනාවන්ට මුහුණ දී සිටිති.මියන්මාර් ආරක්ෂක හමුදාව ජන සංහාරක චෝදනාවන්ට මුහුණ දී සිටිති.

මහා පරිමාණයේ රෝහින්ග්‍යා අනාථ රැල්ල සහ යුද හමුදාවේ මැදිහත් වීම මගින් සිදු වෙතැයි පැවසෙන අපචාර තුළින් එම ප්‍රජාව සෙසු ජන කොටස්වලට සාපේක්ෂව වැඩි අසාධාරණයකට ලක්වීමක් සංකේතවත් කෙරෙන බව වාර්තාකරුවෝ පවසති.

-BBC උපුටාගැනීමකි.

LEAVE A REPLY