ආදරණීය පරිත්‍යාගයක්-දීලිප සංජය රණවක

0
61

මෙහෙමයි අපේ කතාව පටන් ගත්තේ…මගේ බිරිද කෙරී මමයි සති 19ක් පිරුණු තැන ගියා වෛද්‍ය හමුවට anatomy scan එකක් කර ගන්න.. මොකද අපි අපේ දෙවැනි දරුවා අපේක්ෂාවෙන් හිටියේ.. අම්මාලා තාත්තාලා වුනු අය දන්නවා තමන්ට උපදින දරුවා ගැන විස්තරයක් දැන ගන්න කෙල්ලෙක් ද කොල්ලෙක් ද කියලා දැන ගන්න මේ කාලේ ගොඩාක් ඉවසිල්ලෙන් ඉන්නේ කියලා..ඒත් අපිට මේ අවස්ථාව ඊට වැඩි දෙයක් වෙලායි තිබුනේ.. අපේ සිදුවිමේ දී අපේ පුංචි දුවට anencephaly කියන තත්ත්වයක් මතයි හැදිලා තිබුනේ.. උපත් 10,000කින් 3ක් පමණ වාර්තා වෙන තත්ත්වයක්.. අපිට සුබ පැතුම් එකතු කරා වෛද්‍යතුමා.. ඔහුගේ වචන වල තිබුනේ මහ බැරූරුම් ස්භාවයක් කියලා මට ඒ වේලාවේ හිතුනා.

අපේ දරුවාගේ මොළය වර්ධනයක් සිදු වෙලා තිබුනේ නෑ ඉදිරි කොටසේ.. ඇයට ජිවත් වීමට අවස්ථාව තිබුනේ සියයට බිංදුවකට පහළ ගිය අවස්ථාවක්… අපි වෛද්‍යතුමාගේ කුටියෙන් යනකොට අපේ ජිවිත වල හිතන්න ලොකු ප්‍රශ්නයක් ඉතිරි වෙලා තිබුනා.. තව මාස කිහිපයකින් අපේ දූ සිගිත්ත ඉපදෙනවා.. ඒත් එයා මිය යනවා කියලා අපි දැනගෙන හිටියා.. අපේ දරු ගැබ ඉවත් කරන්න අපිට අවස්ථාවක් උදාවෙලා තිබුනා.. ඒත් කෙරීගේ හිතේ වෙන අදහසක් තිබුනා.. ඇයගේ කුස තුළ ඉන්න දරුවාගේ ශරීරය සම්පුර්ණයෙන් වර්ධනය වෙන්නට ඉඩ දීලා ඇයව සමාන්‍ය දරුවෙක් වගේ මේ ලෝකයට බිහි කරන්න.. ඇය ජිවත් නොවුනත් ඇයගේ අවයව තවත් කුඩා බිළිදු රෝගී දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරන්න.. අපිට ඒක හිත හදා ගන්න ලොකු අවස්ථාවක් වෙලා තිබුනා.. මොකද අපිට නැතිවෙන්නේ දරුවෙක් නෙමෙයි.. අපිට නැති වෙන්නේ දරු ගැබක් නිසා.. වෛද්‍යවරුන් අපේ තීරණය හරියට ගන්න පැය 48ක කාලයක් ලබා දුන්නා..

අපේ තීරණයේ වෙනසක් තිබුනේ නෑ.. අපේ පුංචි දියණියට නම තිබ්බේ එවා කියලා එකේ අර්ථය වුනේ “ජිවිතය දෙන්නිය” කියන එකයි. අපේ සැලැස්ම හරිම පුංචි දෙයක් වුනා.. ඇය මේ ලෝකයට බිහි වුනු විගස ඇය ජිවිතයට සමු දෙයි. ඇය ඇයගේ පුංචි ජිවිතයෙන් තවත් පවුල් එළිය කරාවි. අපි අවයව පරිත්‍යාග කරන සංවිධානයක් හා සම්බන්ධ වුනා. ගොඩාක් anencephaly බිළිදු බිහි වෙන දරුවන්ගේ දෙමාපියන් මේ ගැන කිසිවක් දැන ගෙන හිටියේ නැතුව ඇති.. අපි ඇයගේ අක්මාව,වකුගඩු,ඇස්,හදවත දන් දෙන්න සුදානම් කියලා.. අවයව පරිත්‍යාග සංවිධානය පවා අපේ අදහස අහලා මවිතයට පත් වුනා..

කෙරීට දරුවා උපදින්න සති 20ක පමණ කාලයක් තිබුනේ.. අනිත් දරුවන්ගේ වගේ ඇයගේ කුස තුළ හිටපු දරුවා ඇයගේ කුසට එල්ල කරන පා පහර නැතිව ඇය ගොඩාක් දුක් වුනා.. ඒත් කෙරී මානසිකව වැටුනේ නෑ.. ඇය හැමෝටම කිව්වා මගේ කෙල්ල අනිත් ළමයිට වඩා තදින් පහර දෙන බව… අපි දිගින් දිගටම ඇය ගැන කතා කරා.. අපේ ආදරය මැද්දේ අපේ පුංචි කෙල්ල දිනෙන් දින ලොකු වෙන හැටි.. ඇයගේ දෙමාපියන්ව සතුටු කරන හැටි.. අපිට දුකක් තිබුනේ නෑ මොකද ඇයට නමක් තිබුනා, අන්‍යයතාවයක් තිබුනා ඇයට අරමුණක් තිබුනා.. අපි එවාට කතා කරා එයාගේ සහෝදරයා ගැන කිව්වා අම්මා තාත්තා විදිහට ඇය ගැන සතුටු වෙන හැටි අපි ඇයට කිව්වා… කාලය ගෙවුනා තත්පර,පැය දින සති වලින් අපිට දැනුනේ නෑ…

අපේ වෛද්‍යවරුන් හා අවයව පරිත්‍යාග කරන සංවිධානය අපි එකතු වෙලා 4D ultrasounds ස්කෑන් එකක් කරා.. එදා අපි හැමෝම ඇයව දැක්කා.. පළවෙනි පාරට හැරිසන්වත් එක්ක ආවා.. තිරය දැක්ක හැරිසන් කෑ ගැහුවා ” අන්න මගේ නංගී, මට නංගීයෙක් ඉන්නවා” කියලා හැරිසන් පුංචි කටහඩින් කෑ ගැහුවා.. මගේ නාසයත් ඇසුත් තදින් පිළිස්සෙනවා වගේ දැනුනා.. මගේ ඇස් වල කදුළු පිරිලා..

අපිට ඕන වුනේ සමාන්‍ය දරු උපතක් ලබා දෙන්න.. කෙරීට ගොඩක් ඕන වුනා ඇයට සමාන්‍ය ලෙස ඇයව බිහි කරන්න.. එදා රාත්‍රීයේ එවාගේ ආච්චියි සීයයි ඇයගේ සහෝදරයා සියලු දෙනා බලාපොරොත්තුවෙන් හිටියා.. මැයි 2 දාට එළිවෙන්න 30ක්ගෙන් යුතු පිරිසක් ලොකු හමුවකට ලෑස්ති වෙලා හිටියා.. නෑදෑයන් විශේෂඥ වෛද්‍යවරුන් හෙදියන්, අවයව සංවිධානය මේ ගැන දැන ගත්ත පිරිසක් ඇතුළු පිරිසක් එකතු වෙලා හිටියා එවාව දකින්න.. ඇයගේ උපතින් පසුව අවයව ලබා ගැනීම සදහා වෛද්‍යවරුන් කටයුතු සුදානම් කරමින් හිටියා…

අපිට ලැබුනු වෙලාවෙන් ඇයව අපි පුළුවන් තරම් වෙලාවක් තුරුල් කරගෙන හිටියා.. එවාගේ ඇස් දෙක පරිත්‍යාග කරන්න කෙනෙකු අපිට හමු වුනා.. ඒ වගේ ම ඇයගේ වකුගඩුත් අක්මාවත් ඒ විදිහට පරිත්‍යාග කරන්න අපිට අවස්ථාවක් ලැබෙයි.. මම ඇයගේ ඇස් දෙක ගැන හීන මැව්වා ඒ ඇස් මගේ වගේ වෙයිද, අම්මා වගේ වෙයිද, එයාගේ අයියා වගේ වෙයිද.. දවසක අපිට ඒ ඇස් වලින් මේ ලෝකය දකින්න ලැබෙයි.. අපි හැම වෙලාවේ ම හිතුවා ඇයගේ හිස් කෙස් වල වර්ණය කොයි වගේ වෙයිද, ඇයට හැරිසන්ගේ වගේ නහයක් තියෙයිද, අම්මාගේ වගේ කම්මුල් දෙකක් තියෙයිද අපි ඒ ගැන හිතුවා..මට ආයෙත් කවදාවත් මගේ දුවව වඩා ගන්න බැරි වෙයි.. මය ආයෙත් කවදාවත් ඇයට කතා කරන්න බැරි වෙයි.. ඇයගේ හුරතල් හිනාව දකින්න බැරි වෙයි.. ඒත් මං හැමදාම හීන දකිනවා ඇයගේ ඇස් ගැන.. ඒවා දවසක මං ඇත්තටම දකිනවා මොන පාට වෙයිද කියලා….

-Royce Young (රොයිස් යන්ග්)

රොයිස් යන්ග් තමන්ගේ අලුත උපන් දියණියගේ අවයව එලෙස පරිත්‍යාග කිරීමට තීරණය කරේ තව දරුවෙක් ජිවත් කිරීමේ තීරණයක් ඇතිවය. නමුත් එයට සෞඛ්‍ය බලධාරීන් එකග නොවුනේ ඇය ඉතා කුඩා බිලිදියක් බැවිනි.. නමුත් මේ දෙමාපියන් දෙපළ තමන්ගේ මළ දියණියට ලබා දිය හැකි ඉහළම ගෞවරවය එය බව පසක් කිරීමෙන් පසුව එයට ඉඩ ලැබුනි.. මේ පරිවර්තනය ඔහු තැබූ බ්ලොග් සටහනක සංක්ෂිප්තයකි…

-අන්තර්ජාලය ඇසුරිණි.
-දීලිප සංජය රණවක
ලෝකය සිංහලෙන් කියවමු…

LEAVE A REPLY