“We report, you decide”ඕව ගිහින් කියහන් කොන්ඩෙ බැඳපු චීන්නුන්ට ! – ජේමිස් බණ්ඩා

0
246

මනුස්සයෙක්ගේ සිතිවිලි පාලනය කරන්න ඕන වුනාම, මනුස්සයෙක්ට කියල තමාට ඕන දේ කරගන්න ඕන වුනාම, කරන්න තියෙන හොඳම දේ තමා තමාට අවශ්‍ය විදියට මනුස්සයාට කරුණු ඉදිරිපත් කරල තමන් කියපු ඒ කරුණු වලින් “තීරණයකට එළඹීම” කියන විකල්පය ඒ මනුස්සයාට දෙන එක.

ඒකෙන් ඒ මනුස්සයා තුළ ඇති වෙනවා තමා පාලනයෙන් ඉන්නවාය කියන හැඟීම. තමා තීරකයාය කියන හැඟීම.

නමුත් ඇත්තටම, ඒ මනුස්සයා ගන්න තීරණය පාලනය කරන්නේ ඒ මනුස්සයාට කරුණු ඉදිරිපත් කරන පාර්ශවයයි.

තමාට අවශ්‍ය විදියට, තමාට වාසි විදියට කරුණු අඹරලා, පෙරලා, විකෘති කරලා, සීමා කරලා ඉදිරිපත් කරලා හිතන්න ඕන විදියත් කියලා අන්තිමට

“ආ.. දැන් උඹම කියහන්කො ඇත්ත මොකක්ද? උඹ බුද්ධිමත් නේ” කියල අර මනුස්සයාට කියපුවම අර මෝඩයා ලණුව කාලා කරුණු ඉදිරිපත් කරන්නාට ඕන දේ මනසේ නිර්මාණය කරගන්නවා.

නමුත් ඌ හිතන්නේ ඒ තීරණය ගත්තේ ඌමයි කියලා.

සිංහලෙන් illusion of choice කියන්නෙ ඕකට.

ඒක පාර්ශ්වික, පක්ෂග්‍රාහී මොන මලදානයක් කිව්වත්, ඒ කියන ගමන් යටින් “We report, you decide” කියල දාන එකේ තේරුම ඕකයි.

“We report, you decide”

ඕව ගිහින් කියහන් කොන්ඩෙ බැඳපු චීන්නුන්ට !

Jamis Banda

LEAVE A REPLY