ප්‍රේමය අරගලයක්ද? සළෙළු වරම විත්‍රපටයෙන් කියවීමක් – තරුෂි නවංජනා ලියනාච්චි

0
196

වසන්ත ඔබේසේකරයන්ගේ තිර රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් සැදුම්ලත් ‘සලෙළු වරම’ සංකීර්ණ අඛ්‍යාන රටාවකින් නිර්මිත වූ සිනමාත්මක අත්දැකීමකි.  කතාවේ අවසානයත් ආරම්භයත් සමානුපාතිව ඛණ්ඩනය වන රූපරාමු මඟින් කතාව ඉදිරියට ගමන් කරයි.

අවසන වරද කොතනද ? යන ගැටලුවට පිළිතුරු සෙවීමට චිත්‍රපටය පුරා පුනරාවලෝකනය කිරීමට ප්‍රේක්ෂකයා යොමු වෙයි..මෙහි අවසානය ආරම්භයේ ඇතුළත් කොට තිබීම මතු නොව හේතු ප්‍රත්‍ය එකිනෙකට සම්බන්ධ වීම නිසා කළු සුදු චරිත මිස දුෂ්ටයෙක් හෝ කළු චරිතයක් මෙහි අන්තර්ගත නොවෙයි..

චිත්‍රපටයේ ඇතුළත් කතාවේ ගලා යාම මෙසේය..ප්‍රධාන කාන්තා චරිතය වන ප්‍රියංකා විශ්වවිද්‍යාලයට ඇතුලත් වීම..ඇගේ පෙම්වතා වන සුනිල් පිටරට යෑම.ඔහුගෙන් ඈ වෙත ලිපි නොලැබී යාමෙන් ඔහු තමන් මඟහරින බව සිතීම..සුනිල් කලින් වෙනත් තරුණියක් සමඟ විවාහ වී සිටි පුද්ගලයෙකු බව සැල වීම, ඇය තම පෙම්වතා සමඟ  රහසේ විවාහ වී සිටි බව මව්පියන්ට පැවසීම..විශ්වවිද්‍යාලයේ තරුණයෙකු වන සුරේන් ඇය හා පෙම්වත් වීමට යෝජනා කිරීම..ප්‍රියංකා එයට එකඟ වීම හා ඔවුන් අතර ලිංගික සම්බන්ධයක් ද පැවතීම.., ප්‍රියංකා සුනිල් පිළිබඳව සුරේන්ව දැනුවත් කළත් ඔවුන් විවාහ වී සිටි බව වසන් කිරීම..සුනිල් නැවතත් ලිපි එවීම හා නැවත ලංකාවට පැමිණීම..ප්‍රියංකා සුරේන්ව මඟහැරීම හා සුනිල් හා එක් වීම..සුරේන් මුළු හදින්ම ප්‍රියංකාට පෙම්කිරීම හා ඇගෙන් තොර ලොවක් නැති බව පැවසීම..ප්‍රියංකා සුනිල් තම විවාහක සැමියා බවත් ඔහු සමග ජීවත් විය යුතු බවත් වෙනත් විසඳුමක් නොමැති බවත් පැවසීම..සුනිල් ලංකාවට පැමිණීම..

සුනිල් විශ්වවිද්‍යාලයට ගොස් ප්‍රියංකාගෙන් ඈත්වී සිටින ලෙස පවසා තර්ජනය කිරීම..සුරේන් මානසිකව මානසික ප්‍රතිකාර ලැබිය යුතු මට්ටමට කඩා වැටීම..කාලයත් සමග සුරේන් හිත හදා ගැනීම, සුනිල් මැරයන් යොදා සුරේන්ට පහර දීම..දැඩිව පහර කෑමට ලක්වූ සුරේන්ට පාදයක් බලපතල තුවාලවීම සදාකාලික අබ්බගාතයෙක් වීම, ප්‍රියනතා හා සුනිල් අතර සුරේන්ට පහරදීම අරභයා ඇතිවූ වාදයේදී සුනිල් පිටරට සුද්දියක් සමග ඇතිකර ගත් සම්බන්ධයක් හා ප්‍රියංකා සුරේන් සමඟ ඇති කරගත් සම්බන්ධය ගැන වාද වීම..ඒ අවස්ථාවේ සුරේන් සුනිල් සමඟ නොකී කරුණුද යොදා සුනිල් බොරු කීම.. එනම් සුරේන් හා ප්‍රියංකා එකට සිටි ඡායාරූප, ලියුම් ආදිය සුරේන් තමන්ට පෙන්වූ බව පැවසීම, පිරිමි යනු ගැහැණුන් පාවා දෙන තම වාසියට ක්‍රියාකරන ආත්මාර්ථකාමින් බව පවසන ප්‍රියංකා කලින් කතිකා කර ගත් ලෙස සුනිල් සමඟ පිටරට රට යාමට එකඟ නොවන බව පැවසීම, රෝහලේ සිටින සුරේන්ට ප්‍රියංකා විශ්වවිද්‍යාල අවසාන විභාගයට පෙනීසිටීමට සුදානම්වන බව සැල වීම..තම ජීවිතය විනාශ කොට තමන් අබ්බගාතයෙක් කොට විභාගයත් කරගෙන සුනිල් සමඟ පිටරට යාමට ප්‍රියංකා සූදානම් වන බව සිතා සුරේන් කෝපයට පත්වීම, විභාග දිනයේදී විශ්වවිද්‍යාලය තුළදී සුරේන් ප්‍රියංකාට පිහියෙන් ඇන මරා දැමීම, ප්‍රියංකාත් තමන් ඇනුම් කෑ පිහියෙන්ම සුරේන්ට පහරදීම, ප්‍රියංකා මිය යෑම.. සුරේන්ගෙ ජීවිතයට අනතුරක් නොවීම..සාක්ෂි නොමැති නිසා වසර කිපයක සිරදඬුවමකින් පසු සුරේන් නිදහස් වීම හා ඔහු පිටරට යාමට කටයුතු සුදානම් කිරීම..

මේ මුල සිට අගට ගලා යන කතාව නොවේ..සියල්ල ගත් පසු අනුපිළිවෙලට ගොඩනැගිය හැකි කතාවයි..ප්‍රියංකා කෙරෙහි පමණක් වරදකාරී ඇසකින් බැලීමට මෙහිදී අවස්ථාව හිමි නොවෙයි..ප්‍රියංකා තමා විවාහ වී සිටි බව සුරේන් ගෙන් මුල සිට වසන් කිරීම වැරැද්ද වුණු බව සුරේන් පවසයි..ඇය පෙම්වතෙකු නොව විවාහ වී දරුවෙකු සිටින අයෙක් බව පැවසූවද සුරේන් ප්‍රියංකා⁣ වෙත දැක්වූ ලෝභ සිත, ආත්මාර්ථකාමී ලෙස තමා සන්තක කර ගැනීමේ මානසිකත්වය අඩු නොවේ..නොනවතියි.. නමත් ඇගෙන් සිදු වූ වරද එය වූ බැවින් ඔහු ඇයට එම කාරණය සැඟවීම සම්බන්ධයෙන් දොෂාරෝපනය කරයි..හරියටම ඇය විවාහකයෙකු බව කියා සිටියේ නම් එවැනි දුරදිග ගිය ප්‍රේම සම්බන්ධයක් නොපවත්වා එයට සමුදීමට ඔහුට හැකියාව තිබුණාසේ ඔහු නන් දොඩවයි..නමුත් සිනමා පටය තුළම තම බොඩිං කාමරයේ යහළුවෙකු සමඟ සුරේන් පවසා සිටි⁣න්නේ තමා කරන්නේ කුමක්දැයි නොදැනෙන නොහැඟෙන තරමට ඔහු ඇයට ආසාවෙන් ප්‍රේම කරන බවයි.

සුනිල් තමා වෙනත් තරුණියක් සමඟ විවාහ වී සිටි බව ප්‍රියන්කාගෙන් සඟවයි..නමුත් ඔහු ද ප්‍රියන්කාට ප්‍රේම නොකරයි නම් ඔහු ඇයව කැටුව යාමට ලංකාවට පැමිණෙන්නේ ඇයි? අතීතයේ සියල්ල අමතක කොට සිටිමු යැයි ප්‍රියන්කා යෝජනා කරන්නේ ඇයි..සුරේන් ප්‍රියන්කාට ප්‍රේම කරයි. ඔහුට ඇය පිළිබඳ මතකයන් මරාදැමිය නොහැක. ඔහු ගැහැණියක් සමඟ නිදාගත්තා නම් ඒ ප්‍රියන්කා සමඟ පමණක් බව ඔහු ඇඳේ සිට පවසන දෙබසක සඳහන් වේ..

ප්‍රියන්කා සුරේන්ට ලං වන්නේ තම ජීවිතයේ එක්වරෙම ඇති වූ හිඩසට පිළියමක් වශයෙනි. එසේ නොවුණා නම් නැවතත් සුනිල්ට ලංවීමට ඇයට නොහැකිය.

සුරේන්ට තම හිතේ ප්‍රියන්කා පිළිබඳව තිබූ දැඩි ස්නේහය මිනී මැරුමක් දක්වා වර්ධනය වූයේ ඇයි? ප්‍රේමය නම් එයයි. ප්‍රේමයේ වරද ද එයයි. ⁣” ප්‍රේමය හේතු කොට ගෙන ශෝකය ඇතිවේ..ප්‍රේමය නිසා බිය අැති වේ.

ප්‍රේමයෙන් මිදුනහුට ශෝක⁣යක් නැත. ඔහුට බියක් කොයින්ද? ” යනුවෙන් බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ එයයි. දැඩි බැඳීම නම් වූ ප්‍රේමය වෙනුවට බුදුදහමේ මෛත්‍රිය, කරුණාව වැනි ගුණාංග යෝජනා වන්නේ එබැවිනි. පේ‍ර්මයත් වෛරයත් අතර කෙස් ගසක පරතරය මෙහිදී හොඳින් අත්දැකිය හැකිය. සුරේන් මරා දැමීමට සිතන්නේ ඔහුට අනුව ඔහුගේ ජීවිතය කාලකන්නි කළ හේතුවයි..ඔහුව අබ්බගාතයෙකු කළ හේතුවයි. ඔහුව මානසික රෝගියෙකු කළ හේතුවයි. ඒ සියල්ල තමාට සිදු කළ ඇය විශ්වවිද්‍යාල අවසාන විභාගයටත් හොඳින් පෙනී සිට විවාහක සැමියා සමඟ විදේශගත වනු ඇතැයි සිතීමට ද හේතු සාධක තිබුණි. නමුත් සුනිල් හා ප්‍රියන්තා අතර සිදු වූයේ එවන් දෙයක් නොවේ..ඒ පිළිබඳව සුරේන් දැනුවත් වූයේ නම් එවන් විපතක් ඔහු විසින් සිදු නොකෙරෙනු ඇත.

ප්‍රේමය යනු අනෙකාගේ සතුට ප්‍රාර්ථනයෙන් කෙළවර වන පරම පිවිතුරු හැඟීමක් යන්න ගීත, කාව්‍ය, සාහිත්‍යට පමණක් සීමා කරමින් නූතන තරුණ පරපුර විසින් ප්‍රේමය ඝාතනය කරනු ලබන්නේය.ප්‍රේමය ආත්මාර්ථකාමීය. අයිතිකර ගැනීම මුල් කොට පවතියි. එවැන්නක් මෙවැනි සිදුවීමකින් අවසන් විය හැකිය. මෙය සමාජයට අපූර්ව අත්දැකීමක් නොවේ. මෙවන් දේ නිරන්තරයෙන් සිදු වේ. දුර දිග සිතා බලා කටයුතු කරනු විනා හැඟීම්වලට වහල් වී ලබා ගන්නා වින්දනයට වැඩි ආයුෂ නැත. එමෙන්ම යම් සිදුවීමක අවස්ථාව සලකා නොබලා තීන්දු තීරණ ගෙන දීමට වෙනත් පාර්ෂවයකට නොහැකිය. අප බොහෝ විට සිදු කරන්නේ ⁣වෙනත් ජීවිත වලට, ඔවුන්ගේ හැඟීම්වලට විනිශ්චයන් දීමට යෑමයි. මෙම කතාව බලන්න. බැලූ බැල්මට ප්‍රියන්කා දෙසට සමාජය ඇඟිල්ල දිගු කරනු ඇත. නමුත් හේතු ප්‍රත්‍ය සලකා බලා අවස්ථාව අවබෝධකරගත්තෙකුට එසේ කළ නොහැකිය.

සයහන – තරුෂි නවංජනා ලියනාච්චි

LEAVE A REPLY