“ඔබේ පරමාදර්ශී වීරයන් තෝරාගැනීමේදී අතිශයින් සැළකිලිමත් වන්න” – චන්න කරුණාරත්න

0
74

“ඔබේ පරමාදර්ශී වීරයන් තෝරාගැනීමේදී අතිශයින් සැළකිලිමත් වන්න” Be careful who you choose as your hero. මන්ද ඕනෑම මොහොතක ඔවුන් ඔබේ විශ්වාසය කඩකර දැමීමට ඉඩකඩ ඇති බැවින්. They are human beings and they can let down you at any moment.

මිනිසුන් තම තමන්ගේ වීරයන් තෝරාගන්නේ තම තමන්ගේම නිර්නායකයන්ට අනුකූලවය. එකී නිර්නායකයන්ට පදනම් වන්නේද තම තමන්ගේම පර්යාලෝකනයන් සහ ආකල්පය. කෙසේ වුවද මෙය අතිශයින්ම දෝෂ සහිත පුද්ගල නිශ්‍රිත තේරීමක්විය හැකිය.

මන්ද යත් අප ජීවත් වෙමින් සිටින මේ යුගයේ තොරතුරු සoසරණය වීමේ ඇතිවී තිබෙන විප්ලවීය දියුණුව හේතුවෙන් අහිoසක මිනිසුන් ඒවායේ ගොදුරු බවට පත්වීමේ ඉඩකඩද වැඩි නිසාය. සමාජ මාධ්‍ය අවම වියදමකින් රිසිසේ පරිහරණය කිරීමට නිර්මානයවී තිබෙන විප්ලවීය නිදහස් ඉඩකඩ තුල, කිසිවෙකුගේ කිසිදු වගවීමක් නොමැතිව ඕනෑම අසත්‍ය තොරතුරක්, අනුමානයක් හෝ මුළුමනින්ම හිතළුවක් ඉතා වේගයෙන් ප්‍රචාරණය කිරීමේ හැකියාව ඇති බැවිනි.

එවන් ඉඩකඩක් තුල වැඩිපුරම බිහිවන්නේ සැබෑ වීරයන් නොව පුද්ගලයෙකුගේ හෝ සමූහයක සැඟවුන න්‍යායපත්‍රයක් ක්‍රියාකිරීමට යත්න දරමින් සිටින ද්‍රෝහීන්මය. එබැවින් සාමාන්‍ය ග්‍රාහකයා එවැනි වීරයන්ගේ මාධ්‍ය ප්‍රචාරණයෙන් අතිශයින්ම ප්‍රවේශම් වීමට වගබලාගත යුතුය.

පහතින් සිටින්නේ මා කිසියම් කාලයක් පුරාවට ගරුකරන චරිත දෙකකි.මේ සටහනෙහි මුලින්ම සඳන් කර ඇති පරිදිම එකී තේරීම්වල මූලික පදණම වන්නේද මගේම පුද්ගල පර්‍යාලෝකනය තුලින් සිදුකල තේරීම්ය. එබැවින් ඒවා මෙය කියවන ඔබට නොගැලපෙන්නට ඉඩ තිබේ. එහෙත් මම මගේ තේරීම් වලට හේතුපාදකවූ හේතූන්, හේතු පාඨයන් ලෙස පහලින් සටහන් කරමි.

ආචාර්‍ය වික්‍රමබාහු කරුණාරත්නයන්. අපේ සමාජයේ ඉහලම සම්බන්ධතා සහිත ප්‍රභූ පරපුරක ඉපිද අතිශයින්ම දුෂ්කර විෂය ක්ශේත්‍රයක Engineering විශිෂ්ඨ ලෙස තම අධ්‍යාපනය ඉතා ඉහලින්ම නිමවා පළමු පෙළැන්තියේ සුඛෝපභෝගී ජීවිතයක් ගතකිරීමේ හැකියාව තිබියදීම තමන් නිවැරදියයි තෝරාගත් මතවාදයක් වෙනුවෙන් අතිශයින්ම දුෂ්කර මාර්‍ගයක් තෝරාගැනීම සහ අඛණ්ඩව එකී අරගලය තුලම තවමත් නිමග්නව සිටීම.

වික්ටර් අයිවන් මහතා. ප්‍රජාතන්ත්‍රවාදය නිසිලෙස ක්‍රියාත්මක නොවෙමින් තිබූ පසුබිම් සoදර්භයක් තුල ‘රාවය’ පුවත්පත අරඹා නියම ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් ඇතිකිරීමේ අරගලය තුල නියම මාධ්‍යවේදියෙකුගේ කාර්‍ය භාරය ඉටුකරමින් තවමත් එකී අරගලය තුලම අඛණ්ඩව නිමග්නව සිටීම. විෂේශයෙන්ම අපේ අධිකරණ ක්‍රියාවලියතුල සිදුවන නීති විරෝධී, අත්‍යන්ත දූෂිත සහ සදාචාර විරෝධී සිදුවීම් අභීතව හෙලිදරව් කරමින් සාමාන්‍ය ජනයා බලාත්මක කිරීමේ අඛණ්ඩ අරගලය වෙනුවෙන් ඔහු සිදුකර තිබෙන්නාවූ කැපකිරීම්.

LEAVE A REPLY