දඬුබස්නාමානය පෙන්වන කාලේ ෆේස්බුක් තිබ්බා නම් – දසුන් බුවනෙක

0
290

මේක තමයි මේ සියවසේ බිහිවෙච්ච හොඳම නාට්‍යය , මේකේ තියන භාවාත්මක ප්‍රතිරූපණයේ උත්කෘශ්ට භාවයට සමාන කරන්න වෙනත් ටෙලියක් මේ කලාපයේම බිහිවි නෑ

බුද්ධදාස , ඉස්කොලේ මහත්තයාගේ චරිතයට පණ පොවන ආකාරය ඉතා විශිෂ්ටයි , මේ චරිතය නිතරම සංස්කෘත ශ්ලෝක කියවීමෙන් ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන ඉඟියකුත් නිර්මාණ කරුවා හිනියට මතු කරන බවක් මට පේනවා මේකේ හත්වෙනි කොට්සේ කමල් අද්දරාඅරච්චි ඇඳන් ඉන්න සරම් වර්ගය ලංකාව මුලින්ම ගෙන්නුවේ 1960 දශකයේ පිටකොටුවේ පලවෙනි හරස් විදියේ දොන් ඉබ්‍රහිම් සාප්පුවෙන් , එතකොට කථාව පදනම් වෙන වර්ශයත් එක්ක ඒ සරම තනිකර අතාත්විකයි

සේනකගේ චරිතය අංගම් පොර උගන්වන්න දුප්පත් තරුණයෙක් තෝරා ගැනීමෙන් , රදල ධනපති පන්තියේ බූදලයක්ව පැවති ශිල්පයක් ජනගත කරන්න ගත්ත උත්සාහයක් දකින්න පුලුවන් , ඒ අනුව ඔහු පන්ති සටන වෙනුවෙන් ජීවිතය පුජාකල විරුවෙක් විදිහට හදුනාගන්න පුලුවන්

8 වෙනි කොටසේදි ශ්‍රියන්ත මෙන්ඩිස් අංගම් පාරකට කකුල උස්සන්නේ අංශක 10 ක ඇලයකින් , මේහෙම පහරක් අංගම් සටන් වල නෑ , මේක තනිකර චීන මාශල් ආට්ස් අංගම්පොර අස්සට දාන්න ගිහින් නාගත්ත තැනක්

ආරච්චිගේ රැවුල මාර ස්වීට් අනේ , මට එකේ ඔන්චිලි පදින්න වුනත් හිතෙනවා

ප.ලි- මේ හරුපය නොතේරෙන අය කූඹියෝ ෆැන් ගෲප් එකට යන්න

– ඉස්සුවේ දසුන් බුවනෙකගෙන්

LEAVE A REPLY