*****…පරස්පරය…***** (part 07) -ජනිත් විමුක්තික

0
17

සුදු චරිතවල බූදලයක් වූ අාදරය බලහත්කාරයෙන් හෝ ලබාගන්නටම උපන් කලු චරිතයක අැතුලාන්තය…..
.
ජනිත් විමුක්තික ලියයි…
.
*****…පරස්පරය…***** (part 07)

ගෙදර එද්දි යන්තන් 4ට අැති…. වොෂ් එකක් දාලා අැදට වැටුනෙ මහන්සියට… හිතයි අැගයි දෙකම තලල දාලා වගේ…නිකම්ම නින්ද ගියා… අැහැරෙද්දි 7යි… ඒකත් තාත්තගෙ කටහඩට…
.
” පුතා…කොහොමද ගමන..”
.
” ගමන නම් මහන්සියි තාත්තා… ඩ්‍රයිව් කරන්න පුලුවන්ද මේ මී හරක් එක්ක පාරවල් වල… කිසිම විදිහක ඩිසිප්ලීන් නැති මිනිස්සු…”
.
මං කිව්වෙ කේන්තියත් එක්කම…
.
” ඔව්ව හදන්න අමාරුයි පුතා…ඔයා ඩ්‍රයිවර් කෙනෙක් අරන් යන්න කැමතිත් නෑනේ.. නැත්තන් අර පියල් ඉන්නවා.. මිනිහා අාමී හිටපු හොද වැඩකරු… ඔයා කැමති නෑනේ ඉතින්…”
.
තාත්ත කියන්නෙ චෝදනාවක් වගේ… එක අතකට එයා බය මගෙ අාරක්ෂාව ගැන…අැත්ත..එයා ලග තියෙන සල්ලි කන්දරාවේ හැටියට මට කරදරයක් වෙන්න පුලුවන් කියන එක සාමාන්‍ය හිතුවිල්ලක්…
.
” මං මගෙ නිදහස නැතිවෙනවට කැමති නෑ තාත්තා… මෙහෙම හොදයි…”
.
මං තාත්තගෙ හිත නොරිද්දා කිව්වා… මගෙ වාහනේ සීට් එකට යටින් චුටී අායුදයක් තියාගන්න තාත්තට පොරොන්දු වුනෙත් ඒ කාලෙ ඉදන්ම එයාගෙ හිත හදන්න… ඒත් මං ඒක වැඩිපුර තිව්වෙ කාමරේ… මං වගේ කුකුල් කේන්ති කාරයෙක්ට තුවක්කු අතට හරියන්නෑ කියල මංම විස්වාස කරා… විශේෂයෙන් ප්‍රතීක්ෂා ජීවිතේට අාවට පස්සෙ මං ඒක පාවිච්චිය අඩුම කරේ කොයි වෙලේක හරි එකෙක් මගෙ අතින් මැරෙයි කියල මටම දැනුන නිසා…
.
” ඉතින් පුතා කොහොමද හොටෙල් එක…” තාත්ත අන්තිමට අැහුවා…
.
” හොදයි තාත්ත… වෝල් අාර්ට්ස් කෙරීගෙන යනවා, තව පොඩි පොඩි ටචප්ස් තියෙනවා… ඊට පස්සෙ වටේ ගාර්ඩන් එක තියෙනවා… මං ඊ මේල් එක දාන්නම් තාත්තට සම්පූර්ණ විස්තරේම..”
.
” හරි පුතා… රෙස්ට් කරන්න…පස්සෙ දාන්න පුලුවන් ඒ ටික….”
කියල තාත්ත කාමරේ පැත්තට ගියා….
මට අම්ම නැති වෙද්දි යන්තන් අවුරුදු 12ක් 13ක් අැති…. එදා ඉදන් තාත්ත මාව පරිස්සම් කරේ පුදුම අාදරේකින්… එයා ජීවිතකාලෙම හම්බකරපුවා වියදම් කරල හරි මට අවශ්‍ය හැම දේම දුන්න… අදටත් මට රටේ කොයි පලාතට ගියත් නවතින්න අංග සම්පූර්ණ ගෙවල් තියෙනවා… ඒ වගේම කැමතියි කියන හැම වාහනයක්ම, හැම දෙයක්ම මට තියෙනවා…
.
මං අද වෙනකම් නො ඉල්ලපු වගේම නොඉල්ලන එකම දේ කෙල්ලෙක් විතරයි… හිත යන කෙල්ලව එයාගෙ කැමැත්තෙන් විතරයි ගෙදරට ගේන්නෙ කියල මං තීරණය කරලයි තිබුනෙ…
.
එහෙම නොවෙන්න මේ වෙද්දි ප්‍රතීක්ෂා මේ ගේ අැතුලෙ ඉන්න තිබුනෙ… මට තාත්තට නම කියන්න විතරයි තියෙන්නෙ… එයා ඒ තරම්ම මගෙ සතුට ගැන හිතනව…
.
” පුංචි මහත්තයා කනවද..?”
සුමනගෙ කට හඩට මං කල්පනාවෙන් එලියට අාවේ…
.
” මට පලතුරු ටිකක් විතරක් තියන්න…ඒ අැති…”
මං කිව්ව… සුමනා කාලයක් පවුලේ වැඩ පල කරන් ඉන්න වයසක ගෑණු කෙනා…. එයාගෙම මහත්තයා සේපාල තමයි වත්තෙ වැඩ බලාගන්නෙ… දෙන්නට දරු මල්ලො ඉන්නවද නැද්ද කියල කවදාවත් මට අැහෙන්න නම් කියල තිබුනෙ නෑ..
කවුරුවත් අාවෙත් නැති නිසා මම තීරණය කලා එයාලට කවුරුත් නැතුව අැති කියල….
.
යන්තන් උඩින් පල්ලෙන් පලතුරු ටිකක් කාලා මම අායෙත් අැදට වැටුනා… ප්‍රතීක්ෂගෙ මාලිගාවේදි ගත්තු ෆොටෝ ටික අැති වෙනකම් බලල යන්තන් නින්දට වැටෙද්දි රෑ දහයට විතර අැති….
.
.
මතු සම්බන්ධයි…
.
.
#ජනිත්විමුක්තික
.
පෙර කොටස් මග හැරී අැත්නම් හෑෂ් ටැග් එක හරහා හෝ මගේ වෝලය හරහා ලබාගන්න….

 

LEAVE A REPLY