වැන්දඹුව….. – ජනිත් විමුක්තික

0
68

.
.
.
සුළඟ ඉබාගාතේ සැරිසරනවා පමණක් නම් හිත හදාගන්නට තිබුණි… නමුදු නිරුවත් දෙපා තුඩුත්, ගෙලත්, දෙ අතත් සිප සිප කරන විගඩමට නම් දඩුවමක් දිය යුතුමය…
ජනේලය වසා දමා ඒ මුරණ්ඩු හුළඟ එක පහරින්ම මට්ටු කිරීමට ඈට හැකි වුවත් කුමක් හෝ හේතුවකට ඈ එසේ නොකලාය… කුමන හෝ හේතුවකට ඈ ඒ දැවටීමට පෙම් කලාය… යන්තම් කලවය නොවැසුනු ඇදුමින් පෙරී විත් දැවටෙමින් පෙම් කරන සුළඟට ඈ තනිවම මොනවදෝ මිමිනුවාය… බැලූ බැල්මටම යන්තම් තාරුණ්‍යයට පය ගැසූ ඈ රූ සපුවෙන් අඩුවක් නොපෙන්වූවාය…

.
මෙසේ රැයක කෙලෙස් සිඳගත්තෙකු ඈ දුටුවේනම් නිසැකවම ඈ තනිවම දොඩවන පිස්සියෙකැයි අනුකම්පා කරනු ඇත….
.
ඇය නිරන්තරයෙන් සඳ රැස් ගෙතුලට ගෙනෙන ජනේලය දෙස නොඉවසුම් සහගත බැල්මක් යලිත් හෙලුවාය…ඉන් අනතුරුව මදක් එපිටින් සුව නින්දේ පසුවන සිය අවුරුද්දක් වයසැති බිළිඳා දෙසද බැල්මක් හෙලුවාය… හේ සුව නින්දේය…
” කොච්චර කැව්වත් මදි..” ඈ බිළිඳා දෙස බලාගෙනම සිතුවාය…ක්ෂණිකයකින් ඈ ගැස්සී ගියේ මාස 18කට පෙර මිය ගිය ස්වකීය ස්වාමියා සිහිවීමෙනි…මළකඳක් මෙන් හඬා වැලපෙමින් සිටි ඈ මේ තරමට හෝ දෙපයින් සිටින්නේ හේරත් අයියාට පිං සිදුවන්නටය…මදක් තලතුනා හේ කසාදයක් කරගන්නට වයස පසුවූ නමුත් දයාර්දයෙන් පිරි හදවතක් ඇත්තෙක් බව ඈ දත්තාය… නිකරුනේම ඔහුගෙන් මුදල් හදල් කඩා වඩා ගන්නට ඈ තුල කැමැත්තක් කිසි කලෙක නොවූවාය… නමුදු ඔහුද ඇගෙන් අබමල් රේණුවක තරම් දෙයකුදු බලාපොරොත්තු නොවූයේය…
මාස කිහිපයකදී ඇගේ නොපිරිහුණු තාරුණ්‍යයත් ඔහුගේ මොලොක් කරුණාවත් නිසාම ඈ රහසේම ඔහුට පෙම්බැඳි බව ඔවුන් විනා වෙන කිසිවෙකුත් අදටත් නොදත්හ…
.
ප්‍රේමය අඬබෙර ගසාගෙන ජීවිතයට එන්නේ කලාතුරකිනි…
ප්‍රේමයේ වඩාත් සුලභම මුහුණුවර මෙසේමය.. එය නිහඬම නොසිතූ විරූ ලෙස හෘදය විකාගෙන කඩා පනිති… කොතරම වේදනාත්මක වුවද එය පරයා නැගෙන මිහිරියාවක්ද එය සතු වීමම අරුමයකි….
.
අද හේරත්ගේ ප්‍රථම රාත්‍රිය විය… හේ එකට සීයක වේගයෙන් ගැහෙන හදකින් යුතුව ඈ සොයා එමින් සිටියේය…ඔවු නොවුන් හා වෙලී තදවී ප්‍රේමයේ අනන්ත වූ රසය සොයා ගන්නට ඈ සැදී පැහැදී සිටියාය…. ශිෂ්ඨත්වයේ හැව පොරවන ලදුව, මිය ගිය ස්වකීය වල්ල්භයා වෙනුවෙන් ශිෂ්ඨත්වයේ කඳුලු වැගිරූ ඈ යලිත් ප්‍රාථමික සත්ත්වයන්ට හිමි, වඩාත් නිවැරදිව කිවහොත් සිය ආදිතම මුතුන්මිත්තන් පරිද්දෙන්ම සිය සහජාසයන්ට ජයග්‍රහණය දී සතුටු වූවාය….
.
සිය නොපිහිරුණු තාරුණය නිරපරාදයේ මිය යාම ඇය නොරිස්සුවාය… ඈ එයට එරෙහිවන ශිෂ්ඨත්වයේ දඩ බල්ලන්ට යටි සිතින් ගෙරවූවාය…අවට සමාජය යැයි කියාගන්නා සියල්ලන්ටම පාහේ වෛර කලාය… කොටින්ම ඈ හිරු එලියට පවා වෛර කලාය…
ඒ සියල්ලම නිදන, රිසිසේ නග්න විය හැකි රාත්‍රියට ඈ හෘදයේ ගැඹුරුම අඩියෙන් පෙම් කලාය…මොහොතකට හෝ ඇය යලි තාරුණ්‍යයට කැඳවාගෙන යන නිදහස් රාත්‍රියට ඈ සියල්ලටම වඩා පෙම් කලාය… සිය වල්ලභයාට පසු ලැබුණු අනන්ත අපරිමාණ ත්‍යාගය නම් රාත්‍රියමයැයි ඈ උදක්ම විස්වාස කලාය….විවෘත වූ ජනේලයෙන් එන සඳ රැස් පවා සිය අර්ධ නග්න සිරුරේ තවරා ගනිමින් ඈ සතුටු වූවාය… රාත්‍රිය සමඟ රමණයේ යෙදී සූරතාන්තයට පත්වන ඈ සුවසේ නිදාගත්තීය….
.
ඒ මෙතුවක් කල්ය…
.
එසැනින් ජනේලය තුලින් හේරත්ගේ හිස මතුවිය….ක්ෂණිකයෙන් ගෙතුලට පැනගත් හේ ඈ හා වෙලී ගියාය…සර්පයන් සේ වෙලෙමින් මෘගයන් සේ ගැටෙමින් ඔවූහූ එකිනෙකා පරයා යමින් රස සුවය හෙව්වෝය….
.
ඒ තරම් සුන්දර වෙනත් රාත්‍රියක් ඔවුනතර මෙතෙක් නොවීය…
.
හේරත් එක්වරම පරිණත පිරිමියෙක් බවට පරිවර්තනය වී තිබිණි…
.
ඇය යලිත් සිය මදුසමය සිත්සේ විදගත් ගැහැනියක ලෙස තරුණ වී තිබුණි…
.
සත්‍ය වශයෙන්ම ඈ යලිත් ජීවිතය ලබාගෙන තිබුණි….
.
.
.
.
.
– ජනිත් –

LEAVE A REPLY