එදා සිකුරාද දවසක් .. – උපාලි ජයසිංහ

0
50

ඇය මුස්ලිම් යාචක ගැහැණියක් . එයා තරුණයි හැබැයි එයා පාරෙ යන අය දිහාට අත දික්කර කර මොනවවත් ඉල්ලුවෙ නම් නෑ. මම මෙයාව දැක්කෙ විහාරමහදේවියෙ තිබුණ රුසියානු විප්ලවයේ සමරුවට ගිහින් එන ගමන්. මම ටවුන්හෝල් එකේ ඡුම්මා පල්ලිය ගාව බස්හෝල්ටි එකට වෙලා හිටිය 155 බස් එක එනකන්.


එදා සිකුරාද දවසක් .ටික වෙලාවකින් මෙයා ඉදගෙන හිටපු තැනින් නැගිටිටා. එතකොට තමයි මට තේරුනේ මෙයා ඉදල තියෙන්නෙ පල්ලියේ යාඤාව ඉවරවෙලා කට්ටිය එනකන් කියල. පල්ලියට ගිය කීප දෙනෙක්ම මාවත් ඇයවත් පසුකරන් ගියා. ඒත් ඇය ඒ කාටවත් අත දික්කරේවත් යමක් ඉල්ලුවෙවත් නෑ. ඇය පසුකරන් යන මිනිස්සු අතරින් එක්කෙනෙක් ඇය ළග නතරවුනා. ඇය සමග සිනාසුනා .එයා ඈත ඉදන්ම එනකොට අතේ තියාගෙන ආපු රුපියල් සීයෙ කොලේ ඇය අත තබ්බා. ඇය පිං දුන්නේවත් වෙන කිසිවක් කිවිවෙිවත් නෑ කෘතඥපුර්වකව ඔහු දෙස බලන් හිටියා පමණයි. නැවත සිනාසුනු ඔහු ‍යන්න ගියා. තව මිනිසෙක් එතැන නතර වුනා ඔහුත් හරියටම එය ඇයටම දෙන්න ගෙනාව වගේ රුපියල් සීයක් ඇය අත තිබ්බා. ඔය ආකාරයට පල්ලියේ ඉදන් පැමිණි අය 40 ක් නැත්නම් 50 ක් ඇය අතට මුදල් දිදි යන්න ගියා. ඒ හැම එකක්ම රැ 100 ක් ඒ විනාඩි 10 ට ඇය අත රැපියල් 5000 කට වඩා එකතුවෙන්න ඇති. මම හිතුව ඇයි මේ අය රුපියල් 100 ක්ම ඇය අතට දෙන්නේ ?.

මට කාරනය වැටහුනාට පස්සෙ මේ නිහඩ මිනිස්සු ගැන පුදුම හිතුනා. එදා සිකුරාද දවසක් එදාට තමයි මුස්ලිම් ආගමේ අය දුප්පත් මිනිස්සුන්ට උදව් කරන දවස. ඇය එතනට එන්නෙ සිකුරාදාවට විතරයි. ඉතිරි දවස් ටික ඇයටත් ඇගේ දරු පවුලටත් යමක් කරගන්න තමයි එයාල ඇය අතට රුපියල් 100 ක්ම දෙන්නෙ..
රුපියලක් යාචකයෙකුට දීල ඒ මිනිහ ඒක වියදමි කරන්නෙ මොනවටද කියල හොයන, ඒ රුපියලට පිං බලාපොරොත්තුවෙන, හිගාකන එකීගෙ චරිතයට මනන්කල්පිත චරිත සහතික දෙන අපේ සමාඡයේ මෙහෙම මිනිස්සුත් ඉන්නව. අඩුම තරමින් ඇයගෙන් සිනාවක් වත් බලාපොරොත්තු නොවෙන.

 

LEAVE A REPLY