ගැබිණියකැයි පාසලෙන් ඉවත් කළ සිසුවිය මානව හිමිකම් ලියුම නිසා තවත් අසරණ වේ..

0
76

කුසගින්න හේතුවෙන් පාසල් දැරියකට වමනය යෑම නිසා ඇයට එම පාසලෙන් ඉවත් කළ පුවතක් පසුගිය දා සමාජ ජාල වෙබ් අඩෙවි පුරා සීගුයෙන් පැතිරී ගියේය.

කැකිරාව මඩාටුගම රේවත මහා විද්‍යාලයේ 10 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියක කුසගින්නේ සිටීම හේතුවෙන් වමනය ගොස් පසුව විදුහලේ විනය කමිටුව මගින් ඇය ගැබිනියක පවසා පාසලෙන් ඉවත් කළේය. මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් දැරියගේ මවට සහ පියාට ලබන සදුදා (6) දිනයේ කොළඹ මානව හිමිකම් කාර්යාලයේ පෙනී සිටින ලෙස දැනුම් දී  තිබේ.

එදිනෙදා කුලී වැඩක් කර යන්තම් වේල පිරිමසා ගන්නා මොවුන්ට කොළඹ යෑම සඳහා  බස් කුලී වත් හොයා ගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බව දැරියගේ මවුපියන් පවසයි.

මෙම දැරිය තවමත් පාසලට ඇතුළත් කරගෙන නොමැති අතර මඩාටුගම රේවත විද්‍යාලයේ ගුරු දෙගුරු සමිති ය පවත්වා මෙම දැරිය පාසලට ඇතුළත් කරගන්නේ නම් ගුරුවරුන් කිහිප දෙනෙකු පාසලෙන් ඉවත්වන බවට දැනුම් දී ඇත.

විවිධ පරීක්ෂණ සඳහා අනුරාධපුරය, දඹුල්ල ආදී ප්‍රදේශ පොලිසි වලට ගමන් කිරීම නිසා තමන්ට කුලී වැඩක් කර ගැනීමට හෝ අවස්ථාවක් නොමැති බව දැරියගේ පියා පැවැසීය.
තම දියණිය පාසලෙන් ඉවත් කිරීම සඳහා විදුහල්පතිනියට බලපෑම් කළ ගුරුවරයා පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසද ඔහු ඉල්ලීමක් කළේය.

LEAVE A REPLY