බ්‍රහස්පතින්දා වෙද්දී තෙල් දෙනවා – අර්ජුන රණතුංග

0
12

ලබන බ්‍රහස්පතින්දා වන විට පෙට්‍රල් සැපයුම යථා තත්ත්වයට පත් කළ හැකි වනු ඇති බව  ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දැනට පවතින පෙට්‍රල් තොග එදින දක්වා නිකුත් කිරීමට ප්‍රමාණවත් බවයි.

අයි.ඕ.සී සමාගම පසුගිය 15 වනදා මෙරටට ගෙන්වූ පෙට්‍රල් තොගය ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ අර්බුදය නිර්මාණය වී තිබේ.

තවත් දින 5කට සරිලන තෙල් ප්‍රමාණයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින අතර දැනට පැමිණෙමින් තිඛෙන තෙල් නැව එම දින 5 ඇතුළත මෙරටට පැමිණීමට නියමිත බව අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසීය.
එම ඉන්ධන දිවයින පුරා නිසි අයුරින් බෙදාහැරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ලේකම්වරයා සඳහන් කළේය. ප්‍රමිතියෙන් තොර තෙල් නැව ප්‍රතික්ෂේප කර ඇත්තේ පාරිභෝගිකයා පිළිබඳ සිතා බව ද ලේකම්වරයා කීවේය.

 

LEAVE A REPLY