ගෙදර එන්න වෙලාව ඇවිත්ම- මහින්ද ගුණවර්ධන.

0
17

තැබෑරුමේ තමා අසලින් සිටි මිනිසා දෙස ඔහු බලා සිටියා. ඔහු උගුරක් බොනවා. උඩ සාක්කුවට එබිලා බලනවා. ආපහු ටික වෙලාවකින් උගුරක් බොනවා. ආපහු උඩ සාක්කුවට එබෙනවා.

”මේක අමුතු චාරිත‍්‍රයක්.” අමුත්තා කල්පනා කළා.
”යාළුවේ. මං දැන් සෑහෙන වෙලාවක් බලාගෙන හිටියා. ඔයා එකක් අදිනවා. සාක්කුවට එබෙනවා.”

”මේකනෙ. මං කසාද බැන්දෙ යාළුවෙලා හිටපු කෙල්ල නෙවෙයි. අම්මලා, තාත්තලා කැමති කෙනා තමයි බඳින්න සිද්ධ වුණේ ……………….”

”මටත් එ් වගේ එකක් තමයි සිද්ධ වුණේ. මටත් යාළුවෙලා හිටපු කෙල්ල බඳින්න ලැබුණෙ නෑ. ඒක සාමාන්‍ය දෙයක්. එ් වුණත් ඔයා එකක් අදිනවා. සාක්කුවට එබෙනවා.. එ්ක ගැන යි මට කුතුහලයක් ඇති වුණේ.”

”ගෑනිට දේපල තියෙනවා ගොඩක්. ගොඩින් අක්කර විස්සක්. මඩින් අක්කර දහයක් … කඩ සාප්පු පේළියක්… කාර් දෙකක්… වෑන් එකක්… ලොරියක්…. කුඹුරු වැඩ කර ගන්න ට‍්‍රැක්ටර් එකක් .. එ් වගේ ම.. අත් ට‍්‍රැක්ටර් …”

”හරි … හරි .. මටත් සන්තෝෂයි ඔයා ගැන. එ්ක නෙවෙයි මට කියන්න එකක් අදිනවා. සාක්කුවට එබෙනවා.. එ් චාරිත‍්‍රය ගැන…”

”මට කිසි අඩුවක් නෑ. වතුපිටි බලාගන්න කට්ටිය ඉන්නවා. සේවකයන් ඕන තරම්. ගෙදර වැඩ කරන්න ගමේ බවලතුන් එනවා. මගේ නෝනා වියදමට සල්ලි දෙනවා. සීයක් ඕන වෙලාවට දෙසීයක් සාක්කුවේ…”

”ඉතින් එහෙමත් තියෙද්දි ඇයි මෙතැනට එන්නෙ?”

”එ්ක තමයි… මට කිසි අඩුවක් නෑ. ඔව්. මං බොනවා. .සාක්කුවෙ එයාගෙ පින්තූරයක් තියෙනවා. මං ඒ පින්තූරෙ දිහා බල බල බොනවා එක වෙලාවක දි මට මගේ ගෑනි ලස්සනට පේන්න ගන්නවා. ආන්න … ආන්න … ගෙදර එන්න වෙලාව ඇවිත්…”

07. 11. 2017.

LEAVE A REPLY