‘‘ අපාය මෙතැනය‘‘ – උපාලි ජයසිංහ

0
540

‘‘ අපාය මෙතැනය ‘‘ යනුවෙන් නම් කොට Biplab Hazra ඉදිරිපත් කර තිබූ මෙම ඡායාරූපයට ඉංදියාවේ පැවති 2017 Sanctuary වන ජීවී ඡායාරූප ප්‍රදර්ශනයේදී ප්‍රථම ස්ථානය හිමිවිය.
====================
මෙය බටහිර බෙංගාලයේ බන්කූරා දිස්ත්‍රික්කයේ ගම්මානයක මිනිසුන් විසින් සිදු කරනු ලැබූ කෘෘර වුත් අති අමානුෂික වුත් ක්‍රියාවලියකි. ඔවුන් සිය ගම්මානය හරහා කැලෑවට වදිමින් සිටි ඇතින්නක් හා ඇගේ පැටවා වට කොට ගල් මුල් ගැසූහ.

අණතුරුව රතිඤ්ඥා පත්තු කර ඔවුන් දෙසට විසිකර තාර ගුලි දල්වා ඔවුන් වෙත දමා ගැසූහ. හමට ඇලුනු ගිනිගත් උණු තාර තටිටු වලින් උන් පිච්චෙමින් වේදනාවෙන් මොර දුන්හ. මර බියෙන් තැතිගත් පැටවා සිය මව පසුපස දිව යමින් ඇතින්නගෙන් මාව බේරාගන්න අම්මේ යැයි කියනවා විය හැක.
මේ ගැන සිය අදහස දක්වන ඡායාරූප ශිල්පී බිප්ලාබී හස්රා
‘‘ මේ නින්දා සහගත ක්‍රියාව සිදුකරන විට මම සිටියේ එතැනයි. ප්‍රචන්ඩ මිනිසුන් ඉදිරියේ මට කල හැකි දෙයක් තිබුනේ නෑ. සියවස් ගණනාවක් තිස්සේ මේ උප මහද්වීපයේ සැරිසරපු බුද්ධිමත් මේ සතුන්ට දැන් මේක මිනිසුන් විසින් අපායක් බවට පරිවර්තනය කරල ඉවරයි ‘‘
=======================================

LEAVE A REPLY