ඉරාන ඉරාක භූ කම්පනයෙන් මියගිය ප්‍රමාණය තවත් ඉහළට

0
11

ඉරාන – ඉරාක දේශසීමා  ආසන්නයේ ඇති වු භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 130 දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළයා හැකි බවයි.

භූ කම්පනයෙන් පුද්ගලයින් 1000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය‍.

ඉරාන ඉරාක දේශසීමාවේ හලබ්ජා නගරයේ  නිරිතදිග ප්‍රදේශයේ සැතපුම් 21ක් පමණ පොළොව අභ්‍යන්තරයේ හටගත් මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන් වුනේ රිච්ටර් පරිමාණ ඒකක 7.3ක් ලෙසයි.

මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY