හිටපු නාවික හමුදාපතිගේ බෙල්ල කැපුව පිරිසිදු අත

0
86

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හිටපු නාවික හමුදාපති ට්‍රැවිෂ් සින්නයියා මහතාට ලබාදුන්නේ ලංකා ඉතිහාසයේ වාර්තාගත සේවා කාලයක් වූ මාස 2ක් පමණි. නමුත් මේ වන විට සින්නයියා මහතාගෙන් පසු නාවික හමුදාපති තනතුරට පත් කල සිරිමෙවන් රණසිංහ මහතාට මාස 06ක සේවා දිගුවක් ලබා දීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

ට්‍රැවිෂ් සින්නයියා මහතාට මාස දෙකකට වඩා සේවා දිගුව ලබා දීමට නොහැකි බවට ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් කළ අදහස වුයේ යුද විරුවන් සියලු දෙනාට එම අවස්ථාව ලබා දීමට අවශ්‍ය බවක්ය. ආණ්ඩුවේ අදහස නිවැරදිනම් මේ සේවා දිගුවේ හෙළුව ජංගි ඇද වසා ගත නොහැක. කෙසේ හෝ මේ තක්කඩි ඔලමොට්ටල දේශපාලන තීරණ ජාතික ආරක්‍ෂාවට බලපෑම් කරනු නොඅනු මානය. ජාතික ආරක්‍ෂාව අනතුරේ වැටීමෙන් විධාදායකය අල්ලේ නටවන සුළු පිරිස පමණක් නොව රටේ මුළුමහත් ජනතාවටම විනාශය ගෙන ගෙන දීමක් සිදු වනු ඇත.

S සඳරුවන් 

LEAVE A REPLY