ගාල්ල උණුසුම් තත්වයෙන් 8කට තුවාල – සැක 19ක් අත්අඩංගුවට

0
40

ගාල්ල ප‍්‍රදේශයේ ඇති වු කලබලකාරී තත්ත්වයක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට පොළිස් ඇඳිරි නීතිය පනවා තිබේ. ගාල්ල ගිංතොට ප්‍රදේශය ආශ්‍රිතව හට ගත් නොසන්සුන් තත්ත්වයක් හේතුවෙන් ග්‍රාම සේවා වසම් කිහිපයකට සෙනසුරාදා (නොවැ 18) උදෑසන 09.00 වන තෙක් පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ. කුරුඳුවත්ත, මහහපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත, ගිංතොට සහ පියදිගම එසේ පොලිස් ඇඳිරි නීතිය පනවන ලද ග්‍රාම සේවා වසම් අතර වේ.

සැකපිට අත්අඩංගුවට ගත් තිදෙනකු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ සැකකරුවන් ගාල්ල මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඒ අතර , බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු ද සිටින බව සදහන්.

ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරීන් 200 සහ විශේෂ කාර්ය සාධක බලකයේ සාමාජිකයන් 100 යොදවා ඇති බව ද පොලිසිය පවසයි.

LEAVE A REPLY