” The Bank Job ‘ – උපාලි ජයසිංහ

0
27

එය අපිට සිහිගන්වන්නේ ” The Bank Job ” නැමති හොලිවුඩි සිනමා පටියයි ————– India Today ————————
==============================================
2017 -11-13 මුමිබායි බැරෝඩා බැංකු මංකොල්ලය
=============================================
ඔවුහු කිසිවෙක් බියට පත් නොකලහ.කිසිවෙකුට හෝ අනතුරක් නොකලහ.අඩුම තරමෙි බැංකු ආරක්ෂ අංශවලට වලට හෝ. බැරෝඩා බැංකුව දිවා රාත්‍රිය පුරාවට ආරක්ෂකා කරණ බංකු ආරක්ෂකයෝ බැංකුව බිද මුදල් හා රත්‍රං මංකොල්ල කා ඇති බව දැනගත්තේ එහි සේවකයන් කී පසුය.
මුමිබායි නගරයේ පිහිටි බැරෝඩා බැංකුව රාඡ්‍ය බැංකුවකි. සිරිත් පරිදි සදුදා වැඩට ආ බැංකු සේවකයන්ට දැක ගත හැකි වුයේ බැංකුව ඇතුලත වලක් ඇති බවත් එහි සමහර සෙප්පු විවෘත ඇති බවත්ය. වහා පොලිසියට දැන්වු පසු පොලිස් නිලධාරීන් මෙි වල උමගක් බව සොයා ගත්හ. උමග දිගේ ගිය පොලිස් නිළධාරීන් මතු වුයේ බැංකු ගොඩනැගිල්ලේම පිහිටා තිබු සිල්ලර කඩයක් තුලිනි.
බැංකු මංකොල්ලයේ සැලසුම හා ක්‍රියාවලිය වසරකට ආසන්නය. ඔවුහු ගිය මැයි මස මුල මෙි බැංකු ගොඩනැගිල්ලට අයත් කඩ කාමරයක් කුලියට ගත්හ. එහි සිට බැංකුවට දුර මීටර් 25 කි.අණතුරැව මෙි කඩ කාමරයේ සිල්ලර කඩයක් පවත්වාගෙන ගියහ. මැයි මාසයේ පටන් නොවැමිබර් 09 වැනි බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ කඩය වැසු පසු බැකුව දක්වා උමගක් හෑරෑහ.බොහෝ පරීක්ෂාකාරීව ශබිද නොනගාම. සෑම දවාලකම ඔවුහු සිල්ලර කඩය විවෘත කර වෙළදාමි කලහ.නොවැමිබර් 10 දින වන විට කඩ කාමරය මධ්‍ය යේ සිට බැංකුවෙි සෙප්පුව ඇති කාමරයට නිවැරදි දුර වූ මීටර් 25 ඔවුහු කැන අවසන්ය.10 වැනිදා සිකුරාදවකි . නැවත බැංකුව විවෘත කරන්නේ සදුදාය. සිකුරාදා රාත්‍රි බැංකුවට කඩා වැදුනු ඔවුහු එහි සෙප්පු 225 න් සෙප්පු 30 ක් විවෘත කර ගත්තෝය. ඒ දින දෙක පුරාවට විවෘත කර ගත හැකි වූයේ ඒ ප්‍රමාණය වන්නට පුලුවන .සෙප්පු 30 සියලු රත්තරන් හා මුදල් එකතුකරගත් ඔවුහු සිල්ලර කඩය වසාදමා පලා ගියහ.
පැහැර ගත් මුදල් හා රන් ආභරණ වල නිශ්චිත වටිනාකමි තවමත් බැංකුව ප්‍රකාශ කර නැත. කිසිදු ආරක්ෂක කැමරාවක ඔවුනගේ ඡායා අසුවී නොමැත
===========================================.
https://www.ndtv.com/…/digging-25-feet-tunnel-to-reach-bank…
http://indiatoday.intoday.in/…/robbers-dig-u…/1/1088804.html

LEAVE A REPLY