උදාරභාවය සිල්ලර දේශපාලනයේදී නම් හමුවන්නේ අතිශයින්ම විරලවය- චන්න කරුණාරත්න

0
144

“උදාරභාවය සිය ජීවිතයේ අවසානය තෙක්ම පවත්වාගැනීමට හැකිවන්නේ මහා මනුෂ්‍යයින් හටම පමණි. එවැන්නන් සිල්ලර දේශපාලනයේදී නම් හමුවන්නේ අතිශයින්ම විරලවය”

කිසියම් දැක්මක් සාක්ශාත් කිරීම සඳහා නායකයෙකුට බලය අවශ්‍ය වේ. එසේ ලබාගත් බලය පාවිච්චි කලයුතු වන්නේ තමන් ඉදිරිපත් කල දැක්ම යතාර්ථයක් බවට පත්කරගැනීම සඳහාම පමණි. ශ්‍රේෂ්ඨ නායකයින් නම් කරන්නේ එකී දැක්ම සාක්ශාත් කරගත් වහාම තම එයිතිහාසික වගකීම අවසන් වනබව වටහාගෙන තමන්ගේ භූමිකාවට සමුදී ශ්‍රේෂ්ඨලෙස පිටියෙන් සමුගැනීමයි. එවැන්නන් සදාකාලිකව සම්භාවනාවට සහ පූජනීයත්වයෙන් නැවත නැවතත් පිදුමට ලක්වෙයි. නෙල්සන් මැන්ඩෙලා මෑත ඉතිහාසයේ ඊට කදිමම නිදසුනයි. මහත්මා ගාන්ධි තුමාද එවැනි ප්‍රඥාවන්තයෙකි.

රොබර්ට් මුගාබේද උගතෙකි. ඔහු ගුරුවරයෙකි. බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති රොඩේශියාවට නිදහස ලබාගැනීම සඳහා සිදුකල අරගලයෙහි සිටි නායකයෙකි. එහෙත් නියමිත මොහොතෙහි තම එයිතිහාසික භූමිකාව අවසන් කර වේදිකාවෙන් සමුදී බැසයාමේ ප්‍රඥාව නම් ඔහු සතු නොවීය. එවැන්නන් සාමාන්‍යයෙන් කරගෙන යන පිළිවෙලටම බලය සදාකල් තමන් සන්තකයෙහි තබාගැනීම සඳහා ඔහු “සිල්ලර දේශපාලනයෙහි” ම යෙදුනා. ඉතින් ඔහු සදාකල් බලයේ සිටීම සඳහා තම විරුද්ධවාදීන්ව අතිශයින්ම කෲර වධ හිංසනයන්ට භාජනය කරා. රටේ සාමාන්‍ය ජනයාගේ විශාල ජීවිත සංඛ්‍යාවක් අහිමි කරමින් මහා ලේ ගංගාවක් ගලායාමටද ඔහුගේ බල තන්හාව හේතු වුනා. රටේ ආර්ථිකය අන්තිමටම බංකොලොත් වුනා.

අවසන සාමාන්‍යයෙන් එවැන්නන් හට පොදුවේ ලෝක ඉතිහාසය පුරාවටම අත්වූ දයිවෝපගත ඛේදනීය ඉරණමට මුහුණදීමට මුගාබේටද සිදුවුනා.

LEAVE A REPLY