කොළඹ සරසවියෙන් සිදු කළ බව කි “මධ්‍යසාර භාවිතය පිළිබද සමීක්ෂණය” පෞද්ගලික අධ්‍යනයක්

0
53

2018 අයවැය මගින් යෝජනා කර තිබෙන්නේ  “සැර” අනුව මධ්‍යසාර බදු වෙනස් කල යුතු බවයි. මේ නිසා බියර් මිලෙහි යම් කිසි සැලකිය යුතු වෙනසක් සිදු වීම ඇතැමෙක් දැඩි දෝෂ දර්ශනයට ලක් කරනු ලබයි. එමෙන්ම ආණ්ඩුවේම අමාත්‍යවරුන් සදහන් කරන්නේ බියර් අඩු කිරීමට වඩා සාමාන්‍ය ජනතාව භාවිතා කරන “ගල් අරක්කු” මිළ පහත හෙලන ලෙසයි. ආණ්ඩුව අභ්‍යන්තරයේම  මේ පිළිබද මත කිහිපයක් ගොනු වෙද්දී සමාජයේ මේ පිලිබදව ඇතිව තිබෙන කතා බහ වන්නේ මධ්‍යසාර ප්‍රතිපත්ති නිවැරදි දක්ත තොරතුරු අනුව සකස් විය යුතු බවයි. ඉතාම සංවේදී විෂයක් වන රටක මධ්‍යසාර ප්‍රතිපත්තිය ඉල්ලුම තිබු පලියට හෝ ජනතාව සහ ජනජීවිතය හුරාකන සමාගම් වල බලපෑම මත කිසි විට සකස් නොවිය යුතුය යන්න මෙමෙ විෂය පිළිබද ප්‍රමාණික දැනුමක් ඇති බොහෝ දෙනාගේ අදහස.

පසුගිය බදාදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ කතා බහේ දී මධ්‍යසාර බදු වෙනස් වීමත් ඒ හේතුවෙන් බ්යර් මිළ පහත හෙලීමත් පිළිබද මාධ්‍යවේදීන් අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරණ ලදී. එහිදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිදු කල සමීක්ෂණයක් පෙන්වමින් සදහන් කලේ රට තුල බහුල ලෙස නීති විරෝදී මත්පැන් භාවිතය ඉහල යාම නිසා බියර් මිළ පහත හෙලීම සුදුසු වන බවයි. අමාත්‍යවරයා සදහන් කරන්නේ බියර් අඩු වූ විට කසිප්පු බිම නතර වන බවයි.

කෙසේ නමුත් අමාත්‍ය ගයන්ත කරුණාතිලක සදහන් කල කොළඹ සරසවියෙන් සිදු කළ සමීක්ෂණය එම විශ්වවිද්‍යාලයෙන් සිදු කළ සමීක්ෂණයක් නොවන  බව කොළඹ සරසවියෙ ආර්ථිකවිද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානි පුජ්‍ය මහාචාර්ය විමලරතන හිමි සදහන් කර තිබේ. අමාත්‍ය වරයා සදහන් කල අදාල සමීක්ෂණය සිදු කර තිබෙන්නේ කොළඹ සරසවියෙ ආර්ථිකවිද්‍යා අධ්‍යන අංශයේ සේවය කරන කථිකාචාර්ය ප්‍රියංග දුනුසිංහ විසින් තම පුද්ගලික අධ්‍යනයක් ලෙසිනි. එහිදී ඔහු “රටේ නීති විරෝදී මත්පැන් භාවිතය” පිළිබද සමීක්ෂණය කර තිබේ. මෙවැනි පුදගලික අධ්‍යන ඕනෑම අයෙකුට සිදු කිරීමට බලය ඇති බව පවසන පුජ්‍ය මහාචාර්ය විමලරතන හිමි එය විශ්ව විද්‍යාලය කථිකාචාර්යවරයකු සිදු කල පුද්ගලික සහ ස්වාදීන සමික්ෂණයක් බව පෙන්වා දෙයි.

සමීක්ෂණය සිදු කල ආචාර්ය ප්‍රියන්ත දුනුසිංග සදහන් කරන්නේ තමාගේ සමීක්ෂණය 2018 අයවැය සැකසීමේ දී යොදා ගත්තේදැයි තමා නොදන්නා බවයි. කෙසේ නමුත් තමන්ගේ සමීක්ෂණයේ අදහස් අඥාන පරිදි සදහන් කර ඇති බව පවසන ආචාර්ය ප්‍රියන්ත දුනුසිංග පෙන්වා දෙන්නේ, ජනගහනයෙන් 49%ක් නීතිවිරෝදී මත්පැන් භාවිතා කරන්නේ යැයි තමන්ගේ සමික්ෂණයේ නොමැති බවයි. එසේම ආචාර්ය ප්‍රියන්ත දුනුසිංග සදහන් කරන්නේ තමාගේ සමික්ෂණයේ සදහන් වන්නේ රටේ සමස්ත මත්පැන් පානය කරන ප්‍රමාණයෙන් 49%ක් නීති විරෝදී ඒවා බව සදහන් කර ඇති බවයි. වැඩි දුරටත් කරුණු දක්වන ආචාර්ය දුනුසිංග ප්‍රකාශ කරන්නේ තමාගේ මේ දක්ත ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ මේ ක්‍ෂේත්‍රයට සම්බන්ද අනෙක් මුලාශ්‍ර සමග සංසන්දය කර බැලිය හැකි බවයි.

S සඳරුවන් ( මුලාශ්‍ර ඩේලි මිරර් )

LEAVE A REPLY