රොඩ්නි විදානපතිරණගේ “හිම තාරකා“ ඉතාලි‍යේ තිරගත වූ දා

0
187

රොඩ්නි විදානපතිරණ අධ්‍යක්ෂණය කරන ලද දෙවැනි චිත්‍රපටය වන“හිම තාරකා“,පසුගිය ඉරිදා  ඉතාලි යේෆ්ලොරන්ස් නගරයේ වියා ‍බොන්සිනෙල්ලි ශාලා‍වේදී සුවිශේෂී ප්‍රදර්ශනයක් ලෙස තිරගත විණ. ‍‍මේ ඡායාරූපවලින් දැක්‍‍වෙන්‍‍නේ හිම තාරකා දර්ශනය ආරම්භ කිරීමට ‍‍පෙර ආරාධිත අමුත්තන් විසින් චාරිත්‍රානුකූලව ‍‍පොල්‍‍තෙල් පහන දැල්වූ ආකාරයයයි. ඡායාරූප‍යේ ව‍මේ සිට ‍ෆ්‍‍ලොරන්ස් සමාධි විහාර‍යේ විහාරාධිපති ‍දොඩන්දෙණි‍යේ නන්දසිරි හිමි,‍ප්‍රේමා පනා‍‍ගොඩ, මාලි ගොඩිගමුව, තිස්ස ‍ගොඩිගමුව,අධ්‍යක්ෂ ‍රොඩ්නි විදානපතිරණ සහ හිම තාරකා ෆ්‍‍ලොරන්ස් නගර‍යේ සංවිධානය කළ ලලිත් ‍හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු ‍වෙති.

අ‍නෙක් ඡායාරූපවල දැක්‍‍වෙන්‍‍නේ අධ්‍යක්ෂ ‍රොඩ්නි හිම තාරකා පිළිබඳ අදහස් දැක්වීමක් සහ සංවිධායක ලලිත් මහතා පිළිගැනී‍මේ කතාව පැවැත්වීමයි.

‍‍මෙම දර්ශනය ෆ්‍‍ලොරන්ස් නගර‍යේ ‍වෙ‍සෙන ශ්‍රී ලාංකික ‍ප්‍රේක්ෂකයන් රැසක් සහභාගී වීම වි‍ශේෂත්වයකි. මෙය ජගත් චමිල,අමරිසිරි කලංසූරිය,නදී චන්ද්‍රසේකර,විමල් අලහකෝන්, වසන්ති ගුණරත්න,මියුරි සමරසිංහ,මානෙල් වානගුරු,ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න ආදී ජනප‍්‍රිය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන චිත්‍රපටයකි.

LEAVE A REPLY