පාපැදි නගරය ඩෙන්මාර්කයේ කොපෙන්හේගන් – උපාලි ජයසිංහ

0
51

ඩෙන්මාර්කය මනුස්සයෙක් විදිහට ඡිවත්විය හැකි රටවල් අතර ලෝකයේ අංක එකේ රටකි. ඇය මානවහිතවාදීය. මානව හිතකාමීය. ඇය ධනවත්වුයේ කෙසේදැයි යන්න විමසීම පසුව කරමු .දැන් මා ඔබට කියන්න යන්නේ එහි ඇති අගනා බයිසිකල් සංස්කෘතිය ගැනයි.


ඩෙන්මාර්කයේ කොපෙන්හේගන් නුවර පුරවැසියන්ගෙන් බොහෝ දෙනෙකුට මෝටර් රථයක් නැත. එනුවර 50% ක් ඡනතාව භාවිතා කරන්නේ පා පැදිය. දිනකට කොපෙන්හේගන් නුවරට ඇතුලුවන පැපැදි සංඛ්‍යාව පනස්දහසකට කිටිටුය. එම සංඛ්‍යාව දිනකට කොපෙන්හේගන් නුවරට ඇතුලුවන මෝටර් රථ ප්‍රමාණය ඉක්මවා යයි. මෙි බයිසිකල් සංස්කෘතිය තුලින් ඩෙන්මාර්කය අදහස් කරන්නේ පරිසරයට
අහිතකර වායුන් හා ශබිද එකතු නොකරන . මෝටර් රථ නිසා ඇතිවන මාර්ග තදබදය හේතුවෙන් දිනකට නිෂ්පාදන ආර්ථීකයට අහිමිවන පැය ගණන අවම කරන , ඉන්ධනවලට නිස්කාරනේ වැයකරන විදේශ විනිමය ඉතිරි කරන වැඩ පිලිවෙලක් හරහා ඩෙන්මාර්කයේ සියලු නගර හරිත නගර බවට පත්කිරීමටයි පළමු ආදර්ශය දෙන්නේ එරට දේශපාලකයාය.
ඩෙන්මාර්ක් දේශපාලකයන්ගෙන් 70% ක් පාර්ලිමෙන්තුවට එන්නේ පාපැදිවලය.
උදෑසන 7 වන විට එහි මාර්ගවල ව්‍යාපාරික ටයි කෝටි ඇදුමෙන් සැරසුන පිරිමිද. විවිධ විලාසිතාවන්ගෙන් සැරසී වැඩට යන ගැහැණුද , පාසැල් නිල ඇදුමෙන් සැරසුන දරැවෝද පාපැදිවල නැගී සිටිනු දක්නට ලැබෙන දර්ශනයකි .නගරයේ මොටර්රථයකට ප්‍රථමයෙන් පාපැදියකට සිය ගමානාන්තය කරා පහසුවෙන් ළගා විය හැකිය. Albertslund නාගරික අධිකාරිය පාපැදි කරැවන්ට පමණක් යා හැකි මංතීරැ 26 ක් සහිත අනර්ඝ මහා මාර්ගයක් 2012 කොපෙන්හේගන්වල ඉදි කලේය එහි දුර කිලෝමීටර් 22 කි එය හෝමාගම සිට කොටුවට ඇති දුර හා සමානය.
කොපෙන්හේගන් මවුවරැ සිය දරැවන්ට පා පැදිය පුහුණු කිරීමට පටන්ගන්නේ වයස අවුරැදු 3 සිටය. ඉන් දරැවා හොදින් චලනය වී මාංශ පේශින් වරධනය කර නිරෝගී දරැ පරපුරකට උරැමකමි කියයි .1960 දශකයේ ඩෙන්මාර්කයේ ප්‍රධන නගරවල මෝටර් රථ පවසා සිටියේ වහා තම මාවතෙන් බයිසිකල් ඉවතට ගත යුතු බවයි එහෙත් හිතකාමී පරිසරයකට කැමති මිනිසුන් විසින්ද නිකරැනේ දහනය කරවන ඉන්ධනවලට වැයවන විදේශ විනිමය හේතුවෙන් ද 2017 වන විට බයිසකල් විසින් මොටර් රථ වලට මෙසේ කියා ඇත ‘‘ මගේ මාර්ගයෙන් ඉවත් වෙන්න ‘‘
කොපෙන් හේගන් වීදි වල මෙවැනි පුවරැ සවි කර ඇත
‘‘ කොපෙන් හේගන් වා තලය බයිසිකල්වලට ආදරය කරයි ‘‘
‘‘ බයිසිකල් නගරයක ඡිවත්වන ඔබ වසර 100 කට වඩා ඡිවත්වනු ඇත ‘‘
‘‘ විදේශිය අමුත්තනි පා පැදියකින් ඔබ කොපෙන්හේගන් සංචාරය කලොත් ඩෙන්මාර්කයේ අසිරිය ඔබට මුලුමනින්ම දැකිය හැකි බව අපි විශ්වාස කරමු ‘‘

 

LEAVE A REPLY