අභීත ගැහැණියකගේ නොපසුබට උත්සාහය – උපාලි ජයසිංහ

0
44

ඉන්දීය අධිකරණ ඉතිහාසයේ ප්‍රථම කාන්තා ලිංගික හිංසනය පිළිබද නඩු විභාගයේ විත්තිකරුවා වුයේ එරට පන්ජාබ් ප්‍රාන්ත පොලිස්පති වරයාය.
එය දෛවයේ සරදමක් නොව එය අභීත ගැහැණියකගේ නොපසුබට උත්සාහයක මාහැගි ප්‍රතිඵලයකි.
===============================================
මෙය අලුත් වන්නේ නිර්ලජ්ජිත පොලිස් නිලධාරීයා 2017 මැයි මස ඔහුගේ නම ඉදිරියේ අපකීර්තිමත් සටහනක් තබා මිය ගිය බැවිණි.

1988 වසරේ පන්ජාබ් ප්‍රාන්ත සිවිල් සේවයේ ඉහළම තනතුරක් දැරූ රූපන් ඩියොල් බඡාඡ් එම වර්ෂයේම යම් කටයුත්තකදී පන්ජාබ් පොලිස්පති විසින් බලහත්කාරයෙන් ඇය තම තුරුලට ගෙන ඇගේ පසුපස ප්‍රෙද්ශය මිරිකා ඇත. ඉන් මිදී වහා ඉවතට පැනගත් ඩියොල් පන්ඡාබි අධිකරණයේ මෙි කැරළි මර්ධන ඒකකයේ ප්‍රධානියාවුද පොලිස්පති වූද කේ.පී.එස්. ගිල් නැමත්තාට එරෙහිව ලිංගික හිංසනය පිළිබදව නඩුවක් පැවරීය.එය ඉංදිය අධිකරණ ඉතිහාසයේ ලිංගික හිංසනය පිළබදව ප්‍රථම නඩු ගොනුව විය. එහෙත් බොහෝ බලවත් පොලිස්පතිට එරෙහිව මහාධිකරණය පවා පසු බැසීය. මහාධිකරණය ඇගේ චෝදනාව ඉවතට දැමීය.


ඇය ඉන් සැලුනේ නැත. ඇය මහාධිකරණයට එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණය වෙත ගියාය . ශ්‍රේෂ්ඨාධිකරනය නැවත ඇගේ නඩුව විභාගයට ගත් අතර එය දිගු කාලීන නඩු විභාගයක් බවට පත්ව 2005 වර්ෂයේ ශ්‍රේෂ්ඨාධිකරනය පොලිස්පති කේ.පී.එස්. ගිල් ඇයට ලිංගික හිංසනය සිදුකලබවත් ඇයට සිදුවූ කායික හා මානසික පීඩාවට වන්දි ලෙස ලක්ෂ දෙකක් ගෙවිය යුතු බවත් වසර තුනක අත්හිටවු සිර දඩුවමක් ලබාදෙමින් පැවසීය. පොලිස්පතිවරයාට සිය නිල ඇදුම ගලවාදැමීමට සිදුවිය
ඉන් නොනවැතුනු ඇය 2010 දී ඉංදීය රඡය ඉදිරිපත් කල කරැණක් සැලකිල්ලට ගනිමින් කේ.පී.එස්.ගිල්ට 1996 දී ලබාදී තිබුනු ඉංදියාවෙි ඉහළම සමිමානය වන පද්ම ශ්‍රී සමිමානය ඔහුගෙන් නැවත ගත යුතුයැයි ඇය ඉල්ලා සිටියාය. මක්නිසාද අධිකරණය ඉදිරියේ පොලිස් නලධාරීය වරදකරුවකු කොට තිබූ බැවිනි. ඉන්දීය රඡය ඔහු වෙත පිදූ පද්ම ශ්‍රී සමිමානය ඔහුට අහිමි කලේය.


පසුකාලයක ඇය පුවත් පතකට මෙසේ කියා තිබුණාය. ‘‘ ගැහැණිය කමිකරැවෙක් කසල ශෝධකයෙක් , වුව ඇගේ ආත්ම ගෞරවය හා අභිමානයට යමි හානි කිරීමට කිසිදු පිරිමියෙක් මින් පසු දෙවරක් සිතනවා විය හැක ‘‘
===============================================
https://indiankanoon.org/doc/579822/
https://video.scroll.in/…/watch-rupan-deol-bajaj-talks-abou…

LEAVE A REPLY