චන්ද්‍රකුමාර වටේ ගිය හැටි – ඉශුවා ලියයි

0
27

 

සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාව ආවත් ඒසී කර ඇති ඔෆිස් බිල්ඩිම තුළ කැරකෙන පුටුවේ කිරිසප්පයෙක් මෙන් රෝද පදින චන්ද්‍රකුමාරට දිවා රෑ වෙනසක් නොදැනේ.

කේයස් ගේ සුදෝ සුදු පොතේ ” උණුසුම දැනේ දහවල මට රැයට වඩා ” කියා කියා තිබුණත් මේ පට්ට කාන්තාරයේ චන්ද්‍රකුමාරට “ඒ සී දැනේ දහවල මට පෙරට වඩා ” ය.ඒ ලංකාවෙ ඇති ඒ සී මැශින් වලින් ඉටු කරන ප්‍රධානතම රාජකාරිය කරන්ට් බිල වැඩි කිරීම හින්දාය.නමුත් චන්ද්‍රකුමාර වෙසෙන සහරාවේ ඇති ඒ සී මැශින් මී හරක් ගිනියම ඇති එවුන් පවා මුසපත් කළ හැක ඒවාය.

රෑ වෙනවා නොදැනෙන චන්ද්‍රකුමාර ඔෆිස් එකෙන් ගෙදර යා යුතු බව තීරණය කරන්නේ පුටුව සෙල්සියස් අංශක 60 කට රත් වූවාට පසු බව කලින් කතාවක කීවා මතකය..එයටම කුසගින්නත් එකතු වූ කල ගෙදර දුවන්නේ ඔෆිස් එකෙන් වැඩක් කර ගැනීමට මීයා කලිෆ්ෆා ආවත් ඇයව ආපසු හරවා යවමිනි.

“මම දැන් ගෙදර යනවා…”

“හා හා පාර බලාගෙන යන්න.. ඔටුවන්ට පාර පනින්න තියන තැන් වලින්ම බෝඩ් බලලා හරියට පනින්න “

ඒ අර ඔල්මාදකාර පෙම්වතියයි.චන්ද්‍රකුමාර නිසාම හොඳ ය .වෙන එකෙක් නම් ඩේටා ඔන් කර මැසේජ් එවිය හැකි ඇප් සංහතියෙන්ම ඇයව බ්ලොක් කර ෆේස්බුක් ගිණුමද මාක් සකර්බර්ග් ට $%& අල්ලස් (මූල්‍ය අල්ලස් යකුනේ ) ගෙවා හෝ රිපෝට් කරවනු ඇත.

චන්ද්‍රකුමාර බස් නැවතුමට පැමිණෙන්නේ හිස් අහස දෙස දත් තුනක් කැඩුණ කටද බලියා සෙල්ෆි හතර පහක්ද රැගෙනයි.ඔරායන් තරු රටාව පායා ඇති ඇතැම් දිනවලදී චන්ද්‍රකුමාර ඔරායන්වද සෙල්ෆියට අසු කර ගැනීමට අහස දෙස බලා තනියෙන් දොඩවන දර්ශනය ප්‍රදේශවාසීන්ට අමුතු සිද්ධියක් නොවේ.

චන්ද්‍රකුමාර බසයට නැග අසුන් ගන්නේ කෙල්ලෙක් නැති ශීට් එකක් බලාය.ඒ ඔහු බල බලා එන tV series එකට එබෙන කෙල්ලන්ද එය බලමින් අසන අතුරු ප්‍රශ්න වලට උත්තර දෙන්නට ගිය විට පාඩුවේ එය බැලීමට බාධාවන නිසාය. කොල්ලන් එසේ නැත.උන් එල ය.කතාවේ මිනී මැරුමක් නොව ස්ත්‍රී දූෂණයක් සිදු වුවත් උන් ලැප් එකට එබී නොබලයි.

චන්ද්‍රකුමාරට බහින ගැන තැන නිනව්වක් නැත.ලංකාවේ මෙන් නොව සහරාවේ බස් 🚌 වල බූරු ඇඳ මෙන් දිග ඇදී ලැප් එක උඩ කැට ගස ගසා පංච දම දමා උවත් යාමට ඉඩකඩ තිබේ.එමෙන්ම ලංකාවේ බස් එක් ගමනාන්තයකදී ස්ටෑන්ඩ් එකේ නවත්වා නැවත මගීන් ලෝඩ් කර අනිත් අතට ගියත් සහරාවේ එසේ නොවේ..

උදාහරණයක් වශයෙන් ගතහොත් ලංකාවේ නම් අංගොඩින් බසයට නැගි සෙනඟ කොටුවෙන් බැස ගිය පසු බසය ලෝඩ් කරන්නේ කොටුවෙන් නමුත් සහරාවේ දී නම් අංගොඩින් නැග්ගොත් බසය කොටුවට ගොස් එතැන නොනවත්වා නැවත ලෝඩ් කරන්නේ අංගොඩින්මය..
අවසානයේදී මෙම මනස්ගාතය චිත්තරූප මවමින් කල්පනා කරන්නෙක්ට බැසිය හැකි වන්නේද අංගොඩින්මය…

කෙසේ නමුත් ගෙදර ගාවින් බැසීමට අමතක වන චන්ද්‍රකුමාරගේ බසය රවුමක් ගසා ලෝඩ් කිරීමට ආපසු පැමිණෙන්නේ ඔෆිස් එක ගාව ස්ටෑන්ඩ් එකටමය…….. මෙවරවත් බසිමියි සිතන චන්ද්‍රකුමාර නැවතත් tv series බැලීම අරඹයි … බල්ලා නකුට අල්ලන්නට කැරකෙන්නාක් මෙන් චන්ද්‍රකුමාරට ගෙදර ගාවින් බැසගත හැකි වන්නේ වට හතර පහක් ගැසීමෙන් අනතුරුවයි… සතියකට කීප වරක් ඔහු මෙසේ වටේ යයි…

“මොකක්ද අනේ ඔයා බස් එකට නැග්ගේ 8.30 ට නේද මීටර් 500 ක් යන්න ඔච්චර වෙලා යනවද දැන් වෙලාව 11 ටත් කිට්ටුයි.. ඔහෙ ඉඳල උගන්ඩාවට ගිහින් එන්නත් වෙලා නෙ….ගෙදර ගියෙ නැද්ද තාම ……”

පිළිතුර

“මෙහෙ බස් රූට් එක circle නෙ !මෙව්වට සිරිසේන 
🤔 නෑ නෑ මෙහෙ ඉන්න එකා වගකියන්ඩෝන “

යන්නයි 😅 🔫

ගුටිකෑවෙ නැත්තන් තව කොටසකින් හම්බෙමූ..

-ඉශුවා-

LEAVE A REPLY