ගැහැණිය රෙද්දෙන් මැනීම

0
598

අපි ඇඳුම් අඳින්නෙ ඇයි? විලිවසා ගැනීමට, අධික ශීත දේශගුණයෙන් මිදීමට, මදුරුවන් වැනි කුඩා කෘමීන්ගෙන් ආරක්ෂා වීමට වැනි බොහෝ පිළිතුරු දිය හැකියි. අතීතයේදී  සතුන්ගෙන් හා දඩයම් භූමි වල පැවති බාහිර උවදුරුවලින් මිදීමට සේම වේෂාන්තරණයකට ලක්වීමෙන් විලෝපිකයන්ගෙන් ආරක්ෂාවීමටත් ඇඳුම් භාවිත වුණා.

උක්ත පරමාර්ථයන් තකා ඇඳුම් ඇඳීම තම ස්වීයත්වයයි..කැමත්තයි.. මන්ද අධික ශීතල හෝ විලි බිය හෝ ආරක්ෂාව පිළිබඳ හැඟීම හෝ හටගනුයේ තමා තුළ බැවින්.. උෂ්ණාධික රටවල සීතලෙන් ආරක්ෂා වීමේ අරමුණ ගිලිහී යයි.. ඒ වෙනුවට මතුවන්නේ උෂ්ණාධිකත්වයෙන් ආරක්ෂා වීමේ අරමුණයි.

ඉහත සියලු පරමාර්ථ අභිබවා යමින් ඇඳුමින් හැදියාව මැනීමේ ක්‍රමවේදයක් සමාජය විසින් ස්ථාපිත කොට ඇත. පුරුෂමූලික ආසියාතික සමාජයේ මුල්බැස ගත් මෙම ගෝත්‍රික සංකල්පය සංස්කෘතිය ශිෂ්ඨත්වය වැනි දේ සමඟ සංකලනය කොට කාන්තාවට අපහාස කිරීමට යොදා ගනියි. ශ්‍රී ලංකාවේ මෙම තත්වය වඩාත් සෝචනීය ය. පහත රූප සටහන එයට සාක්ෂි දරයි.

ඇඳුම් ඇඳීමෙන් මුදුන්පමුණුවා ගන්නා විලි වසා ගැනීමේ අරමුණ මෙවැනි මතයන් ස්ථාපිත වීමට හේතුභුත වූවා යැයි සැක සිතිය නොහැක්කේ දණ හිසේ, කළවයේ, කුසයේ, දෑතේ විලි නොපවතින බැවිනි. අනෙක් කරුණ නම් කෙනෙක්ගේ ඇඳුම තවත් කෙනෙකු විසින් පාලනය කිරීමට යාමේ තුච්ඡ භාවයයි.

ඇඳුම කාන්තාවගේ චරිතය, හැදියාව යනාදිය මැන බැලීමේ මිණුම් දණ්ඩක් බවට පත් කර ගැනීම දෙවියන් ලෝකය මැව්වා යැයි සිතීමට වඩා අඥාන වන්නෙ එයින් බහුතරයක් කාන්තාවන් අසාධාරනයට ලක්වීම නිසාය.

– මතු සබැඳියි-

LEAVE A REPLY