මඩුවන්වෙල වලව්ව නැරඹිය යුතුම ස්ථානයක් වන්නෙ ඇයි?

0
164

සබරගමු පලාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ඇඹිලිපිටිය සුරියකන්ද මහා මාර්ගයේ 14 වන සැතපුම් කණුව ආසන්නයේ රමණීය පරිසරයක මඩුවන්වෙල වලව්ව පිහිටා ඇත. වලව්ව පිහිටි ඉඩම අක්කර 20 ක පමණ විශාල භූමි භාගයකි.

නොයෙක් වටිනා තුරුලතාවලින් පිරි අලංකෘත උද්‍යානය වලව්ව අවට සුන්දරත්වය ඉස්මතු කරයි. පවුරු තුනකින් අලංකාර වු මඩුවන්වෙල වලව්වේ පිටත පවුර ශක්තිමත් කළු ගලින් නිමවා ඇත. එහි ඇතුළුවන දොරටුව “ගල් උළුවස්ස” නම්වේ. දොරටුව දෙපස මනරම් ලියවැල්ද ඒ මත මකර තොරණක හැඩයට ගල් ආරුක්කුවක්ද දක්නට ලැබේ. තොරණ දෙපස කැටයම් කළ නෙළුම් පොහොට්ටු දෙකක් ඇත. පෙර කළ ඒ අසල පුන් කලස් තුනක්ද තිබු බව කියවේ. වලව්වේ මැද කොටසට සම්බන්ධ වන කොටසේ මනරම් ලියවැල් හා බොරදම් කැටයම් දක්නට ලැබේ. ඇතුළු පවුර “පහන්පවුර “නම් වන අතර එහි අලංකාර පහන් කුටි රුසක් ඇත. එමෙන්ම වලව්වට ජල පහසුව සැපයු සිසිල් ජලය පිරි ළිඳද පිඟන් ගඩොල් අතුරා ඇති නාන ගෙයි නෂ්ටාවශේෂද, වසර සිය ගණනක් පැරණි කුඹුක් හා හික් ගස්ද වලව්වේ ජීවත් වු මහා රදළවරයාගේ පෞරුෂත්වය නොසඟවා හෙළි කරන්නේ අභිමානයෙනි.

ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ශේෂ වූ සාක්ෂි පියවු ඇසින් දැක බලා ගත හැකි ස්ථානයක් වන මඩුවන්වෙල වලව්වේ රදළ පන්තිය සහ පරාධීන භාවයට ලාංකිකයන් තුළ තිබූ අකමැත්ත, දඬුවම් ක්‍රම ආදිය පිළිබද ගැඹුරු අධ්‍යයනයක් සිදු කළ හැකි ස්ථානයක්ද වේ.

– තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි-

LEAVE A REPLY