ආදරයෙන් හැඩ ගැන් වූ ජිවිත – සංජේ රණවක

0
48

ආදරය කෙනෙකුගේ ජිවිතය සම්පුර්ණයෙන් ම වෙනස් කළ හැකි දෙයක් නේද? ආදරයේ දී වයස, පාට, කුලය, ජාති ආගම්, වයස වගේ කිසිම සිමා පනවන නිර්ණායකයක් තිබුනේ නැති වුනාට අපි ආදරේ දී ඒ දේවල් ඇත්තටම හොයනවා, කාරු වුනත් එහෙමයි මේ කියන්න යන්නේ වෙනස් කතාවක්, ඇත්තටම ආදර කතාවක්…

බිලි⁣ට හැමදෙටම වඩා මතක තිබුණු දෙයක් තිබුනා ඒ තමයි ශෙලිව හම්බ වුන මොහොත.. ඒ වසන්ත සෘතුව 1988 දී, බිලිට එතකොට වයස අවුරුදු 12යි.. බිලි ටිකක් ලැජ්ජාශිලි සංගීතයට, ක්‍රීඩා වලට ඒ වගේ ම කෙල්ලන්ටත්…
ශෙලි ට වයස අවුරුදු 3යි. ඇය බිලිට වඩා හාත්පසින් ම වෙනස්. ඔවුන් දෙදෙනා මුලින් ම හම්බ වෙන්නේ මොන්ටිගොමරි නගර සමාජ ශාලාවක දී යාළුවන් අදුර ගන්න අතරේ. සතුට විනෝදය පිරුණු යෞවන ⁣යෞවනියන් ගෙන් එදා එතන පිරිලා තිබුනා.


ශෙලිගේ මුහුණේ ලස්සන හිනාවක් තිබුනා. බිලි එදා බිලිව ශෙලිට හඳුන්වලා දුන්නා..

“මම ආදරය කියන්නේ මොකක්ද කියලා දැනන් හිටියේ නෑ, ශෙලිව හම්බ වෙන තුරුම…” බිලි කිව්වා… බිලි දැඩි ලෙස ඒ දේ විශ්වාස කරා, ඒත් කවුරුත් හිතන්නේ නෑ වයස අවුරුදු 12 න් සැබෑ ආදරේ ඇති වෙයි කියලා, විශේෂයෙන් ම Down Syndrome ඇති දරුවෙකු ට..
ඒත් බිලි ඒ දේ දැනගෙන හිටියා, බිලි ඒ ගැන කිව්වේ මේ වගේ කතාවක්..” ඔයාට ආදරේ ඇති වුනා ඒකට වයස ප්‍රශ්නයක් නෑ.. ඔහු කිව්වා…”ඒ මොකද මගේ හදවත තරුණයි, මගේ මනසත් තරුණයි..මගේ හදවතේ කොහෙ හරි මට ආදරය කරන්න තරම් මානසිකව වර්ධනය වෙලා ඇති…” බිලි කිව්වා..
බිලිගේ පෙම්වතිය ඇයගේ හිතේ බිලි වගේ ම ආදරේ ඇති වෙලා ඉවරයි. ඇයත් මානසිකත්වය වර්ධනය නොවූ යුවතියක් වුනා. දෙන්නා කොයි තරම් ළං වුනාද කියනවා නම් දුරකථන අංක හුවමාරුවෙන් ඇරඹි ආදරය සිනමා චිත්‍රපටි බලන්න යන එක දක්වා ඉස්සරහට ගියා. උසස් පාසලේ දීත් ඒ ආදරය තව තවත් වර්ධනය වුනා..
පාසල් කාලය අවසානයෙන් පස්සේ ඒ දෙදෙනාගෙම ජිවිත වලට අමාරු කාලයක් උදා වුනා බිලිටයි ශෙලිටයි රටේ විවිධ ප්‍රදේශ වල විවිධ අවස්ථා වලට යන්න සිදු වුනා.. බිලියි ශෙලි වෙන් වුනා.. ඒත් බිලි සැබෑ ආදරය මතක තියාගෙනයි හිටියේ ඒ තමයි ශෙලි…
බිලිට ශෙලි සමඟ ගත කරපු කාලය මතක් වුනා දෙන්නාම අබාධිත වුනත් පාසලේ උත්සව වලට බිලි ලස්සන ඇදුමක් අරන් දුන්නු එක දෙදෙනාම එකට නර්තනයේ යෙදුණු හැටි ඒ හැමදෙම බිලි මතකයේ තියාගෙනයි හිටියේ.. ශෙලි එක්ක ජිවත් වෙන්න ලේසි දෙයක් නෙමෙයි.. ඇය බිලිට වඩා මානසිකත්වයෙන් විශාල ලෙස පීඩා වින්දා වෛද්‍යවරුන් ප්‍රතිකාර කරන්න උත්සහ කරත් එක ඵල රහිත දෙයක් බවට පත් වුනා..
ආදරයට මොනවද කරන්න බැරි බිලි ශෙලිව ⁣හැම වෙලාවෙම හොඳින් බලා ගත්තා.. දිනක් ශෙලි බිලි එකක් ශොපින් ගියා.. ශෙලි තමන්ගේ ශරිරය සමබරව තියා ගන්න ගොස් කිහිප පාරක් ම බිලිගේ ඇඟේ හැප්පුනා.. දෙන්නා හරිම විනෝදයෙන් හිටියේ..
බිලි හිටි හැටියේ ශෙලිගෙන් ප්‍රශ්නයක් ඇහුවා..
“ශෙලි මාව බඳින්න කැමැතිද” ⁣ශෙලි මොහොතකට නිහඬ වුනා.. බිලි අවංක දෑසින් ඇය දිහා බලාගෙන පිළිතුරක් අපේක්ෂාවෙන් හිටියා.. පිළිතුරු ලැබුනා “ඔව් බිලි මං කැමැති” එදා ඉදන් සති කිහිපයකට පස්සේ දෙන්නාම විශාල පිරිසකගේ ප්‍රිති ඝෝෂා මැද්දේ විවාහ දිවියට එළඹුනා.. ඒ පුංචි කාලේ ඉදන් නොවෙනස් වූ ආදරයක සැබෑ සතුට විඳිමින්…

අපේ සමාජයේ මේ වගේ ආදර කතා ඇති.. ආදරේ කියන්නේ අන්න ඒ වගේ දෙයක්.. ආදරේ කියන්නේ අත් හැරිය යුතු මොහොතක අත් නොහැර ඉන්න පුළුවන් එකට, අමාරුම මොහොතක ළඟින් ම ඉන්න උත්සහ කරන එකට.. වේදනාව තදින් ම දැනෙන මොහොතක සිනහාවක් ඇති කරන එකට… ජිවිතේ එක වචනයක් නොකරගෙන ජිවිතේ ගත කරන එකට.. ⁣බිලි ශෙලි එයාලාගේ කතාවෙන් ඒ ගැන කිව්වා…

|සංජේ රණවක

LEAVE A REPLY