බැඳුම්කර කොමිසමේ අවසන් වාර්තාව ජනපති වෙතට

0
113

 

2015 පෙබරවාරි 01 වන දා සිට 2016 මාර්තු 31 දක්වා වූ බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කරනු ලැබු බැඳුම්කර ගනුදෙනුවෙහි අවසාන වාර්තාව අද(30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දෙනු ලැබිණි. 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වී. කන්දසාමී යන මහත්වරුන් ත්‍රි පුද්ගල කොමිසමේ සමාජිකත්වය දැරීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා ඇතුලු මැති ඇමතිවරුන් මෙන් ම මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුල් සමූහ ව්‍යාපාරයේ අධිපති අර්ජුන් ඇලෝසියස්, පේපෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ඉහළ නිලධාරීන්, මහ බැංකුවේ සහ රාජ්‍ය හා පෞද්ගලික වානිජ බැංකු කීපයක ප්‍රධානීන් මෙන් ම සේවක අර්ථක අරමුදලේ නිලධාරීන් බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂී ලබා දුන්හ.

LEAVE A REPLY