වෙස් මාරුව – බේබදු කුමාර

0
307

කොන්ඩෙත් කඩාගෙන
තොලුත් පාට කොරෝගෙන
පවුඩර් මූනේ උලෝගෙන
පාන්දරම කොහෙද තෝ යන්නේ?
පුකත්,කුඩේ වගේ අටෝගෙන..

කොස්තාපල් ඇහුනද?

මෙන්න මේ කැහුටු බැල්ලිව
කුදලලා දාපං
ජීප් එකේ ඇතුලට..

“අනේ මාත්තයෝ මො..මො..”

කටවහගෙන නැගපිය පට්ට වේසී
ඇරියොත් කට,ඔබනවා දෙකේ කාසී
තොපි වගේ හැත්තට,කෙලවන එකත් මට ඊසී
දැනගං හුත්ති,මමයි අලුත් ඕ අයිසී..

ගනින් ඔය බෑග් එක ඉරලා
බලපං,කොපු එහෙම ඇති පිරිලා
මුන් වගේ වල් ගෑනු අම්මපා,
යන්නෑනේ ඉපදෙනකොටම,මැරිලා..

වැරහැලිත් එක්කම බිම වැටුණු කාසිවල සද්දෙට,
ඇගේ ඉකිබිඳුම මොහොතකට නැවතුනා..
දණගාගෙන කාසි හොයපු තදියමට,
ජිප් එකම කඳුලෙන් හේදුනා..
කටින් ගලා ගිය වචන වල හයියට,
එන්ජිමත් එක පාරටම නැවතුනා..

“තොල් පාට කරගත්ත හැම ගෑණිම,
මිනිහොත් එක්ක,හැමනෙන්නේ නෑ මාත්තයා”

අවුරුදුම හතරයි,මගෙ එකා මැරිලා
මොන්ටිසෝරිත් යනවා,පොඩි එකා දැන් පැහිලා
හිඟාකනවා කියලා..දැනුනොත්,ඔපිස් යන අම්මා
ඌ මැරෙයි එතනම, පපුව හතරට පැලිලා..

“අනේ! පන්සල ගාවින් බස්සන්ට මාත්තයා,දැන් දානේ වෙලාවත් පැනලා”

කුමාරයෙක් නොවුනත් බේබද්දෙක්ගෙ අදහසක්
– බේබදු කුමාර නැවතත් –

LEAVE A REPLY