අලි ප්‍රහාරයකින් කතක් මරුට

0
55

වන අලියෙකු පහර දීමෙන් කාන්තාවක මිය ගොස් ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි.

මිය  ගොස් ඇත්තේ කරුවලගස්වැව – මුරියාකුලම පදිංචි ඩබ්ලිව්. ගුණවතී (අවු:55) නම් කාන්තාවකි.08 වැනිදා සවස 6.00 ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇත.මිය ගොස් ඇති කාන්තාව තම ස්වාමි පුරුෂයා සමඟ හේනට යමින් සිටින විට වන අලියා පහර දී ඇති අතර,ඇයව කඩිනමින් පුත්තලම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

නමුත් කාන්තාව මිය ගොස් ඇති බව පොලීසිය කියයි.පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

LEAVE A REPLY