දැන් කොහොමත් ආතල් කුඩු.. – අරවින්ද ඉන්ද්‍රජිත්

0
75

 

කාන්තාවන් මත්පැන් මිලදී ගැනීම ගැන තිබුන සීමා ඉවත් කරලා.;දැන් සිංහබාහු පරපුරේ ඊනියා ශිෂ්ඨ පිරිමින්ට ගොඩාක් රිදෙනවා. මොකද උන්ගේ ආතල් එක ගෑණු ටික අත්පත් කරගන්න හදන්නේ. කොදෙව් මානසික පිරිමින්ගේ ආතල් කුඩු. තවදුරටත් අඩියක් ගහලා වීරත්වය පෙන්වන්න බෑ දැන් රියැලිටි එක ගෑනු දැනගන්නවා..

මේකෙන් සංස්කෘතියට කෙලවෙනවා කියලා උඩුබුරන අය තමයි කාන්තාවකට බස්එකේ කෝච්චියේ යන්න දෙන්නේ නැතුව ශිෂ්ඨත්වය හේත්තු කරන්නේ. එහෙම සංස්කෘතික පිරිමි තමයි කොටට ඇඳලා කෙල්ලෙක් පාරේ යනකොට විසිල් ගහන්නේ. නාම යෝජනා දෙන්න නම් ඇඳට යෝජනා කරන්නේ..

ස්ත්‍රිය සහ මීවිත කියන දෙකම මෙච්චරකල් ගෝත්‍රික පුරුෂ සමාජයේ ආතල් බවට පත් වුන ඒවා. දැන් කොහොමත් ආතල් කුඩු..

– Aravinda Indrajith

LEAVE A REPLY